මහජන බැංකුව රුපියල් බිලියන 9.4ක ඒකාබද්ධ බදු පෙර ලාභයක් වාර්තා කරයි

85

වාර්තා වූ සමස්ත මෙහෙයුම් ආදායම ඒකල පදනම මත රුපියල් බිලියන 39.6 ක් සහ ඒකාබද්ධ පදනම මත රුපියල් බිලියන 48.2 ක්

ඒකාබද්ධ දළ ආදායම 34.5% ක වර්ධනයක් වාර්තා කරමින් රුපියල් බිලියන 232.7 ක් දක්වා ඉහළට

මහජන බැංකුව, 2023 වසරේ ජූනි 30 න් අවසන් වූ වර්ෂයේ ප්‍රථම අර්ධය සඳහා සමස්ත ඒකාබද්ධ මෙහෙයුම් ආදායම සහ බදු පෙර ලාභය පිළිවෙලින් රුපියල් බිලියන 48.2 ක් සහ රුපියල් බිලියන 9.4 ක් ලෙස වාර්තා කර ඇති බව නිවේදනය කරයි. (2022 වසරේ ප්‍රථම අර්ධයේ දී වාර්තා කළ සමස්ත ඒකාබද්ධ මෙහෙයුම් ආදායම සහ බදු පෙර ලාභය පිළිවෙලින් රුපියල් ‘බිලියන 80.7 සහ රුපියල් බිලියන 15.2 කි).

ඉහළ පොලී පිරිවැය හේතුවෙන් මහජන බැංකුවේ කාලීන තැන්පතු අරමුදල් ආශ්‍රිත පිරිවැය ඉහළ යාම නිසා 2022 වර්ෂයට සාපේක්ෂව 2023 ප්‍රථම අර්ධය තුළ වාර්තා වූ ඒකාබද්ධ ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 31.4 දක්වා පහත වැටුණි. එහි දී වාර්තා වූ ඒකාබද්ධ ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම රුපියල් බිලියන 7.9 ක් වූ අතර, එය 2022 අදාළ කාල සීමාවට සාපේක්ෂව එක් වරක් පමණක් බලපාන අයිතමයන් හැරුණු කොට 6.0% කට ආසන්න වර්ධනයකි.

2022 වසරේ ප්‍රථම අර්ධයේ අවසාන භාගයේ දී අධික උද්ධමනය නිසා ඇති වූ පිරිවැය ඉහළ යාම හේතුවෙන් ඒකාබද්ධ සමස්ත මෙහෙයුම් වියදම් 12.98% කින් ඉහළ ගිය අතර, එහි අගය රුපියල් බිලියන 30.2කි. (2022 ප්‍රථම අර්ධයේ රුපියල් බිලියන 26.7). මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් ආයතනවලට සාපේක්ෂව ‘මෙම අගයන් සංසන්දනය කරන විට, පිරිවැය පාලනය කිරීම සඳහා මහජන බැංකු සමූහයේ කැප වී ඇති බව ‘පෙනේ.

සමස්ත ඒකාබද්ධ ගනුදෙනුකාර තැන්පතු රුපියල් බිලියන 2,565.4 දක්වා වර්ධනය වූ අතර, එය 4.7% ක ප්‍රතිශතයකි. එමෙන් ම ඒකාබද්ධ ශුද්ධ ණය 6.7% කින් පහත වැටුණු අතර, එහි අගය රුපියල් බිලියන 1,788.0 කි.’ මෙය මූලික වශයෙන් මහජන බැංකුවේ විදේශ මුදල් ආශ්‍රිත ණය සඳහා ‘රුපියලේ අගය ඉහළ යාමේ බලපෑම පිළිබිඹු කළ අතර, ණය වර්ධනයේ දී බැංකුව සහ සමූහය යන දෙක ම අනුගමනය කළ ‘පූර්ව ආරක්ෂක ක්‍රමවේදවල සාර්ථකත්වය ද පෙන්නුම් කරයි. ඒ අනුව 2023 වසරේ ප්‍රථම අර්ධය අවසානයේ මහජන බැංකුව වාර්තා කළ මුළු ඒකාබද්ධ වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 3,047.5 ක් ලෙස වාර්තා විය. (2022 ප්‍රථම අර්ධය අවසානයේ : රුපියල් බිලියන 3,133.1 කි).

2023 ජූනි 30 දිනෙන් අවසන් වූ වසරේ ප්‍රථම අර්ධය තුළ මහජන බැංකුව වාර්තා කළ පළමු පෙළ සහ මු`ඵ ප්‍රාග්ධන ප්‍රමාණත්මතා අනුපාත පිළිවෙලින් 11.7% සහ 15.9% කි. ‘(2022 ප්‍රථම අර්ධය අවසානයේ : 11.9% සහ 16.3% ‘වූ අතර, ඒකාබද්ධ පදනම මත එය පිළිවෙළින් 13.1% සහ 16.8% කි :2022 ප්‍රථම අර්ධය අවසානයේ : 13.3% සහ 17.2%ක් විය. බැංකු ක්ෂේත්‍රයේ අවදානම අඩු කිරීම වෙනුවෙන් හඳුන්වා දී ඇති ජාත්‍යන්තර නියාමන ගිවිසුමක් වන බාසල් 111 ක්‍රියාත්මක කිරීම 2017 ජුලි 1 වැනි දින සිට ආරම්භ කිරීමත් සමඟ මහජන බැංකුවේ ණය ආපසු ගෙවීමේ හැකියාව ඉතා ප්‍රශස්ත මට්ටමක පවතින අතර, මහජන බැංකුවේ නියාමන ප්‍රාග්ධනය ඉහළ නැංවීමේ අනෙකුත් වැඩසටහන් ද වර්තමානය වන විට ”සාර්ථක ව ක්‍රියාත්මක වෙමින් පවතී. මීට අමතරව, අදාළ කාල සීමාව තුළ මහජන බැංකුව, සිය සියලූ මූලික නියාමන ක්‍රියාමාර්ග සාර්ථකව සපුරා ඇත.

මහජන බැංකුව රුපියල් බිලියන 9.4ක ඒකාබද්ධ බදු පෙර ලාභයක් වාර්තා කරයි

‘මහජන බැංකුව සහ සමූහය වාර්තා කළ ප්‍රතිඵල ‘පිළිබඳ ව අදහස් දැක්වූ එහි සභාපති සුජීව රාජපක්ෂ මහතා ‘සංකීර්ණ අභියෝග රැසක් සහ ඉතා වේගයෙන් වෙනස් වන සාර්ව ආර්ථික පරිසරයක් මධ්‍යයේ ‘මහජන බැංකුව වාර්තා කළ ප්‍රතිඵල පිළිබඳ ව අපි සතුටුට පත්වෙනවා.’ වර්තමානය වන විට උද්ගත වී ඇති බොහෝ සීමාකාරී සාධක නොතකමින්, ‘අපගේ ව්‍යාපාරික ‘අංශ ශක්තිමත් කිරීම වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රතිලාභ අපි අත් විඳිමින් සිටිනවා. අනාගතය දෙස බලන විට, ධනාත්මක ඉදිරි ගමනක ලකුණු පෙන්නුම් කරන අතර, ආර්ථිකයේ තීරණාත්මක ක්ෂේත්‍ර වර්ධනය කිරීම වෙනුවෙන් මහජන බැංකුව අඛණ්ඩ ව රජයට සහයෝගය ලබා දෙන බවත් අවධාරණය කිරීමට කැමතියි.’ මූල්‍ය සේවාවන් ප්‍රවර්ධනය කිරීම වෙත ‘ප්‍රමුඛතාව ලබා දෙමින් ක්‍රියාත්මක වන මහජන බැංකුව ‘විශේෂයෙන් අඩු පහසුකම් සහිත ප්‍රදේශවල ජනතාව වෙත නව්‍ය මූල්‍ය සේවාවන් සහ ඩිජිටල් සේවාවන් ගෙන යාමට මූලික අවධානය යොමු කරනවා.

‘මෙම ප්‍රතිඵල පිළිබඳ ව අදහස් දැක්වූ මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා ‘- මේ වසරේ පළමු භාගය පුරා අපි අභියෝග රැසකට මුහුණ දුන්නා. එම අභියෝග හමුවේ නොසැලි අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් ක්‍රියා කිරීම අපගේ සාර්ථකත්වයට ප්‍රධානතම හේතුවයි. ඒවගේම මෙම සාර්ථක ප්‍රතිඵල තුළින් අපගේ උපායමාර්ගවල සාර්ථකත්වය සහ කාර්යක්ෂමකාවය සහතික කරනවා.’ ඉදිරියේ දී බොහෝ විට පොලී අනුපාත තවදුරටත් පහළ යාමට ඉඩ ඇති නිසා, වගකිවයුතු මූල්‍ය ආයතනයක් ලෙස අපි ආර්ථිකයේ තීරණාත්මක ව්‍යාපාරික අංශ වෙත ණය ලබා දීමට දැනටමත් පියවර ගෙන තිබෙනවා. එහි දී විශේෂයෙන් සුළු ‘හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ අපනයන ව්‍යාපාර වෙත අපි වැඩි වශයෙන් අවධානය යොමු කර තිබෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment