දින 7ක් තුළ ‘යුක්තිය’ මෙහෙයුමෙන් අයිආර්සී 1107 ක් දැලේ – කෝටි 50ක දේපළ රාජසන්තකයි

91

මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඬපැවැත්වීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මෙහෙයවීම මත ආරක්ෂක අංශ ආරම්භ කළ ‘යුක්තිය මෙහෙයුම’ යටතේ දින හතක් තුළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහ විශේෂ කාර්යාංශයේ ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 4665 දෙනෙකු අතරින් ඊයේ (24 දා) වනවිට සැකකරුවන් 1107 ක් සමඟ මත්ද්‍රව්‍ය හා දේපළ රැසක් ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත.

මෙම මෙහෙයුම 24, 25, 26 දින තුන තුළ ආරක්ෂක අංශ නිලධාරීන් දේවස්ථානවල රැකවරණයට යෙදවීමට සිදුවීම නිසා නතර කර තිබෙන අතර එය නැවත 27 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් කෝටි 50 ක් පමණ වටිනා දේපළ මේ වනවිට රජයට පවරාගෙන ඇති අතර තවත් කෝටි 200 කට අධික වටිනාකමෙන් යුත් දේපළ පවරා ගැනීමේ විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.

ඉකුත් 17 වැනිදා ආරම්භ කළ යුක්තිය මෙහෙයුමේ පළමු අදියර ඊයේ (24 වැනිදා) අලුයම නිමවූ අතර සමස්ත මෙහෙයුමේදී සැකකරුවන් 13,666 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇත.

මෙම සැකකරුවන් අතරින් 717 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සඳහා යොමුකර ඇති අතර ජාවාරම්කරුවන් 174 දෙනකුගේ නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 1097 දෙනෙක් පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමටද පොලිසිය කටයුතු කර ඇත.

දි්න 07 ක යුක්තිය මෙහෙයුම යටතේ සිදුකළ විමර්ශනවලදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 09 ක් සහ අයිස් කිලෝ 04ක්, ගංජා කිලෝ 272ක්, මාවා කිලෝ 117ක්, ඈෂ් කිලෝ 35ක්, තූල් කිලෝ 3ක් සහ මත්පෙති 65924 ක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී ඇත.
හේමන්ත රන්දුණු – චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment