ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමයි

310

අද මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර ඇත.

ඒ අනුව රුපියල් 4,409ක්ව පවතින කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 334කින් ඉහළ නංවා ඇති බව එම ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.ඒ අනුව ගෘහස්ථ කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,743ක් වේ. කිලෝ ග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 134කින් ඉහළ දමා ඇත.ඒ අනුව රුපියල් 1,770ක් වූ එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,904ක් වේ.කිලෝ ග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 61කින් ඉහළ දමා ඇත.ඒ අනුව රුපියල් 822ක් වූ එහි නව මිල රුපියල් 883ක් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment