පොහොර නැති දුක රජරට ගොවියෝ ඇමැති දුමින්දට කියති

124

පොහොර නනැතුව මෙවර වී අස්වැන්න 80% කින් පමණ අඩු විය හැකි බවත්, බුසල් 100 ක් අක්කරයට ගන්න පුළුවන් නම් මේ පාර බුසල් 20-25 ක් තියෙයි. ඒ ටිකත් වැඩක් නෑ හාපු කුලිය දෙනකොට ඉවරයි. හාන්න රුපියල් 12000 යි අක්කරයට, කපන්න 12000 යි, එතකොට ණය විතරයි. කෑමටවත් වී ටික මේ කන්නේ ලබා ගන්න බැරි වුණොත් අපි ඔක්කොම ඉවරයි යැයි අනුරාධපුර තිරප්පනය පෑතිස්රඹෑව ගම්මානයේ ගොවීන් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට පෙන්වා දුන්හ.

 ගොවීන් මේ බව ප‍්‍රකාශ කර සිටියේ, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සමඟ පැවති සාකච්ජාවකදීය. රාජ්‍යය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ විමධ්‍යගත මුදලින් පෑතිස්රඹෑව එක්සත් අවමංගල්‍යාධාර සමිතිය වෙත ප්ලාස්ටික් පුටු බෙදා දීමට සහභාගි වූ අවස්ථාවේදී පොහොර නොමැතිකමින් තම ගොවිතැන් විනාශ වන බවට ගොවීන් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට පැවසීය.

 එහිදී ගොවීන් කියා සිටියේ, ගොයමට මාසයක් වෙනවා තාම ගස් ඉස්සිලා නෑ, ගොයමට මොකද වෙලා තියෙන්නේ කියලා බැලූවැහැකි කුඹුරට ගිහින්ම බැලූවොත්, ගොඩ ගොවිතැනත් ඒ වාගේ තමයි, හැමදේම ඒ වාගේ, හිටි හැටියේමනේ මේ වෙච්ච දේ වුණේ, බටු හදලා තියෙනවා, බටු ගහක් අඩි 02 ක් විතර උස ඇති ඔක්කොම කහ වෙනවා, ඒවාට යූරියා පොහොර අනිවාර්යෙන්ම ඕන වෙනවා. දැන් තියෙන බීජ තෙල් පොහොර වලට හුරු කරලානේ තියෙන්නේ, තෙල්- පොහොර නැති වෙනකොට මේවායේ ඵලදාවත් නෑ. නිකං වඳ ගහ වගේ තියෙනවා. මෑ කරල් ටිකක්වත් හරි යන්නේ නෑ පොහොර නැතිව. කෘමි නාශක ගැහුවට ඒ ඉන්න පණුවෝ මැරෙන්නෙත් නෑ, දවස් 45 න් අස්වැන්න ලැබෙන දෙමුහුන් බීජ තියෙන්නේ, දවස් 45 න් අස්වැන්න ගන්න නම් ඒවාට අනිවාර්යෙන් රසායනික පොහොර ඕන, නැත්නම් ඉතින් හැදෙන්නේ නෑ, එහෙම නැත්නම් දේශීය බීජ නිෂ්පාදනය කරලා ඒවා බෙදා හැරලා ඉන්න ඕන කොම්පෝස්ට් වැඬේට යන්න නම්. එහෙම වුණොත් සාර්ථක වෙයි. අපේ තිබුණ දේවල් නෑනේ දැන්, බණ්ඩක්කා ඇටේ ඉඳන් කිසිම දෙයක් නෑනේ. දැන් තියෙන බීජ වලට හිටවන්න ඉස්සරලා වලට පොහොර දාන්න ඕන, හිටවලා සතියේ ඉඳලා පොහොර දාන්න ඕන, දවස් 15-20 ක් පහුවෙලා දැම්මට ඒකෙන් නිසි ආදායමක් ගන්න බෑ.

 ගිය මාස් කන්නේ 5000 ට ගෙනාපු තෙල් බෝතලය මේ සැරේ එක පාරම 7800 යි. ඒ මිලම ගන්නවා, හිතූ හිතූ ගණන් වලට විකුණනවා. වට්ටම් දෙන්නේම නෑ, 5000 යි නම් 5000 ම ගන්නවා. සමහර බෝතල්වල ලේබල් එකේ තියෙනවා 1750 යි කියලා, කඩකාරයා ගන්නවා 3500 ක්. ඒවා නම් කොහොම හරි කිව්වහැකි. වල් තෙල් නම් කොහොම හරි ගැහුවත් පොහොර ටිකක්. අස්වැන්න විකුණන එක කෙසේ වෙතත් පවුලේ අයගේ පරිභෝජනයටවත් ටිකක් හදා ගන්න එපැයි. අඩුම තරමේ යූරියා මිටිය හරිවත් හම්බෙනවා නම් ලොකු දෙයක්. අපි ගොවිජන සේවා එකටත් ගිහින් බැලූවා, බඩඉරිඟු වලට 6500 ට පොහොර දෙනවා කිව්වනේ, ඒකත් බඩඉරිඟු වගා කරපු අයට විතරයි දෙන්නේ, කුඹුරු වලට නෑ, කුඹුරු වලටත් පොහොර ටිකක් ගන්න හදලා දෙනවා නම් ලොකු දෙයක්. ඔබතුමා විතරයි යූරියා මෙහෙට ගෙනල්ලා තියෙන්නෙත්, ඔබතුමාට තමා ඒකත් කරන්න පුළුවන් වෙන්නෙත් යනුවෙනි.

 එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා,

 කුඹුරු වලට එන්නේ නැනෝ නයිට‍්‍රජන් එකනේ, ඒකත් වෙලාවට ආවේ නැත්නම් වැඩක් නෑ. ඊට පිළිතුරු දුන් ගොවියෝ.

 නැනෝ නයිට‍්‍රජන් තවම ආවේ නෑ මෙහෙට, මේ සතියේ කියනවා, ලබන සතියේ කියනවා, තාම අපි බලන් ඉන්නවා. යැයි පැවසීය.

 ඔයගොල්ලන්ගේ දැනීමේ හැටියට අස්වැන්න කොච්චර අඩු වෙයිද? යැයි රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ගොවීන්ගෙන් විමසීය.

 ඇමැතිතුමා, අස්වැන්න 80% කින් විතර අඩු වෙයි. බුසල් 100 ක් අක්කරයට ගන්න පුළුවන් නම් මේ පාර බුසල් 20-25 ක් තියෙයි. ඒ ටිකත් වැඩක් නෑ හාපු කුලිය දෙනකොට ඉවරයි. හාන්න රුපියල් 12000 යි අක්කරයට, කපන්න 12000 යි, එතකොට ණය විතරයි. කෑමටවත් වී ටික මේ කන්නේ ලබා ගන්න බැරි වුණොත් අපි ඔක්කොම ඉවරයි යැයි ගොවීන් පැවසීය.

 අනතුරුව අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා

 ගොවිතැන අසාර්ථක වුණොත් ඒක බලපාන්නේ අපිට විතරක් නෙමෙයිනේ, රටේම ජනතාවට බලපානවනේ, ටී. වී. එකේ කියනවා සේමර වගා කරලා තියෙනවා කියලා. ගොවිමහත්වරුනේ දන්නේ වගා කරලා තියෙන ප‍්‍රමාණය. බඩඉරිඟු වලට පොහොර ටික හෙට මෙහෙට එයි, බඩඉරිඟු වගා කරපු අය ගිහින් ගන්න ඒ ටික යැයි පැවසීය.

නොච්චියාගම –  එම්. එම්. පී. ජී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment