පිලිපීනයේ නායයෑමකින් 6ක් මරුට

57

දකුණු දිග පිලිපීනයේ මින්ඩනාවෝ දූපතට අයත් ඩවාඕ ඩි ඔරෝ පළාතේ ගම්මානයක පෙරේදා (06දා) රාත්‍රියේ සිදු වූ නායයෑමක් හේතුවෙන් පුද්ගලයන් 06 දෙනකු මියගොස් ඇති අතර තවත් 31දෙනකු තුවාල ලබා තිබේ. මෙම නායයෑම හේතුවෙන් අදාළ ගම්මානයේ බස් රථ හා නිවාස රැසක් පොළවේ වැළලී ගොස් ඇති බව පිලිපීන බලධාරීහු පවසති.

මෙම නායයෑම හේතුවෙන් තවත් පුද්ගලයන් 41දෙනකු අතුරුදන්ව සිටින අතර රන් ආකර සේවකයන් ඇතුළු නායයෑම හේතුවෙන් බස් රථ දෙකක සිරවී සිටි 45 දෙනකු සහන කණ්ඩායම් ව්සින් මුදා ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment