ජාතිවාත්සල්‍යයෙන් සහ දෑ අනුරාගයෙන් පිරුණු සැබෑ දේශපාලන නායකත්වය ජනාධිපතිවරණයේදී කරළියට රැගෙන ආ යුතුයි

160

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ලන්ඩනයේ සංවාදශීලී සම්මන්ත්‍රණයකදී කියයි

සිංහල, දෙමළ, මුස්ලිම් අපි සියලු‍ දෙනාම එක්ව මේ රට හදමු..! යන මතයෙහි සිටින ජාතිවාත්සල්‍යයෙන් සහ දෑඅනුරාගයෙන් පිරුණු බලවේගවල “සැබෑ දේශපාලන නායකත්වය” ඊළඟ ජනාධිපතිවරණයේදී කරළියට රැගෙන ආ යුතු බවත් එසේම මහා සංඝරත්නය ප්‍රමුඛ එම දෑහිතකාමී බලවේග එම අවස්ථාව කිසිදු අපේක්ෂකයෙකුට කොල්ලකෑමට ඉඩ නොදිය යුතු බවත් උත්තර ලංකා

සභාගයේ සභාපති ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියයි.

පසුගියදා ලන්ඩනයේ පැවති ජාතික නිදහස් පෙරමුණේ එක්සත් රාජධානි කමිටුව විසින් සංවිධානය කළ“9න් පසුව:ශ්‍රී ලංකාවේ ඉරණම?” සංවාදශීලී සම්මන්ත්‍රණයෙහි ප්‍රධාන දේශනය පවත්වමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට ඇමරිකාවේ සහ කැනඩාවේ ප්‍රධාන සංඝනායක ෆ්ලොරීඩා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය පූජ්‍ය දේදුනුපිටියේ උපනන්ද නාහිමි, මහා බි්‍රතාන්‍යයේ ප්‍රධාන සංඝනායක හීත්‍රෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය වදුරඹ කස්සප නාහිමි ඇතුළු මහා සංඝරත්නය, එංගලන්තයේ වෙසෙන විද්වත් වෘත්තිකයෝ ඇතුළු දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයෝ රැසක් එක්ව සිටියහ. සිය ප්‍රධාන දේශනයෙන් අනතුරුව සහභාගී වූ පිරිස මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් විමල් වීරවංශ මහතා එම පිරිස සමග දීර්ඝ සංවාදශීලී සාකච්ඡාවකටද එක් විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

අපේ රට රාජ්‍යය ගෙනයමින් තිබෙන්නේ කොතැනකටද? එය සිදුවූයේ කෙසේද? එය වළක්වා ගැනීමට ගතයුතු පියවර කවරේද? යන සාකච්ඡාව ඔබ සමඟ සිදුකිරීම මගේ වගකීමක් සහ යුතුකමක් ලෙස මා දකිනවා. එහෙම නැතුව ජනප්‍රිය සටන් පාඨ ටිකක් තොරොම්බල් කරලා ඒකෙන් මේ සමස්ත අර්බුදයේ ඇත්ත පින්තූරය හෙළිදරව් වීම වළක්වලා, ඒ ඇත්ත පින්තූරය වෙනුවට බොරු පින්තූරයක් මවලා යන්න මම මෙතැනට ආවේ නැහැ.

මේ අර්බුදය කුමක්ද? මේ අර්බුදය ලෙස ආවේ කාරණා දෙකක්. එකක් තමයි විදේශ විනිමය අර්බුදය. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ විදේශ ණය වාරිකය නිසි පරිදි ගෙවීමට සහ එදිනෙදා සාමාන්‍ය ආනයන කටයුතුවලට අවශ්‍ය විදේශ විනිමය ප්‍රමාණය ශ්‍රී ලංකා ආර්ථිකය තුළ නොතිබීම. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රුපියල පා කර හරින්න තීරණය කරනවා. ඒක තමයි මේ අර්බුදයට මුල් වූ අනෙක් කාරණය. එනම් රුපියල් අර්බුදය. ඒ අනුව අපට පැහැදිලියි එකක් ඩොලර් අර්බුදය, අනෙක රුපියල් අර්බුදය කියා. උපයන ධනයට වඩා වැඩි මුදලක් විදේශ නිෂ්පාදන පරිභෝජනයට යොදවනවා නම් ඒ රටේ විදේශ විනිමය අර්බුදයක් ඇති වෙනවා. මේ විදිහට වසරකට ගෙවිය යුතු විදේශ ණය වාරිකය ගෙවාගැනීමට සහ ගෑස්, ඉන්ධන වැනි අත්‍යවශ්‍ය පරිභෝජන ද්‍රව්‍ය ගෙන්වා

ගැනීමට ඩොලර් හිඟ වෙනකොට, ඒ හිඟය විසින් තමයි පෝලිම ඇති වෙන්නේ. පෝලිම විසින් තමයි පීඩනය තීව්‍ර වන්නේ. ඒ පීඩනය තීව්‍රවීම විසින් තමයි මන්දිර වැටලෙන්නේ. මේ තමයි අභ්‍යන්තර සාධකය.

එදා ‘ලක් අම්මාට අමාරුයි’ කියලා කට්ටිය ගාලු‍මුවදොරට ආවේ ඒ වෙලාවෙ තිබුණු පීඩනයට සාපේක්ෂවනේ. දැන් අමාරුව අඩු වෙලාද? මේ විදියට අමාරුව වැඩි කරමින් තිබියදී ඒ ‘ලක් අම්මාට අමාරුයි’ කියපු දරුවෝ ටික කොහෙද ඉන්නේ? අපි ‘නවය; සැඟවුණු කතාව’ කෘතියෙන් අනාවරණය කර තිබෙනවා, ඔය කියන ලක් අම්මාගේ දරුවෝ කවුද? මේ පිරිස මෙහෙයවනු ලැබුවේ කවුද? මේ නාටකයේ තිර පිටපත කාගේද?’ කියා.

‘ලක් අම්මාගේ දරුවෝ ටික’ ඒ ‘අරගලකාරීත්වය වර්ධනය කිරීමේ තානාපති කාර්යාල මෙහෙයුම’ තිබෙන කොට තමයි පාරට එන්නේ. දැන් ශ්‍රී ලංකාව තුළ ඒ තානාපති කාර්යාල මෙහෙයුම නැහැ.

advertistmentadvertistment
advertistmentadvertistment