හිටපු ඩී. අයි. ජී. වාස්ගේ බිරිඳට වරෙන්තු

422

අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ බිරිඳ වන ශ්‍යාමලි පෙරේරා ගුණවර්ධන හා උප පොලිස් පරීක්ෂක ඉන්දික පුෂ්ප කුමාර යන විත්තිකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (16 දා) වරෙන්තු නිකුත් කළේය.

මාලබේ සයිටම් ආයතනයේ සිසුවකුව සිටි නිපුන රාමනායක බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදීම ඇතුළු අධිචෝදනා යටතේ නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ පළමුවන හා හයවන විත්තිකරුවන් වන ඔවුන් දෙදෙනා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර මේ වනවිට ඇප මත මුදාහැර සිටින සෙසු විත්තිකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ. බන්ධනාගාරයේ පසුවන වාස් ගුණවර්ධන මහතා හා ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි. එම නඩුවේ සාක්ෂි විභාගය ලබන නොවැම්බර් 28 වැනිදා දක්වා කල්තැබීමට ද විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment