කාටූන් කියැවීම – පලස්තීනයට රිදවන අයව කාටූනයෙන් රිදවන ලතුෆ්

298

බ‍්‍රසීලියානු දේශපාලන කාටුන් ශිල්පියකු වූ කාලෝස් ලතුෆ් (Carlos Latuff) 1968 නොවැම්බර් මස 30 වැනි දින බ‍්‍රසීලයේ රියෝද ජැනැයිරෝ නගරයේ උතුරේ පිහිටි සා ඕ කි‍්‍රස්ටෝවා ඕහි දී උපත ලැබීය. ලෙබනන් සම්භාවයක් ඇති ඔහු ඔහුගේම වචනවලින් පළකරන්නේ තමාට අරාබි මූලය ඇත කියාය.

ඇමරිකාවේ මැසච‍්‍රසෙට්සිහි ටෆ්ට්ස් විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු දවන ලතුෆ්ගේ කාටුන්වලින් බටහිර විරෝධී හැඟීම්, ධනවාදයට එරෙහි වීම සහ එක්සත් ජනපද මිලිටරි මැදිහත්වීම්වලට විරුද්ධවීම, ඊශ‍්‍රායලයේ පලස්තීනයට අඩම්තේට්ටම් වැනි තේමාවන් යටතේ ඔහු කාටුන් නිර්මාණය කර පාඨකයන්ට ඒවා පෙන්වා දෙයි. ඔහු වඩාත්ම ප‍්‍රසිද්ධ වූයේ සහ වන්නේ ද ඊශ‍්‍රායල්-පලස්තීන ගැටුම සහ අරාබි වසන්තයේ සිදුවීම් නිරූපණය කරන කාටුන් නිර්මාණයන් නිසාය. ඊශ‍්‍රායලය නාසිවාදයට සංසන්දනය කරන ලතුෆ්ගේ කාටුන් කැලිෆෝනියාවේ සයිමන් වීසන්තාල් මධ්‍යස්ථානය සහ ක්ෂේත‍්‍රයේ අනෙකුත් බලධාරීන් විසින් යුදෙව් විරෝධී බවට චෝදනා කර ඇත. යුදෙව් විරෝධී චෝදනා, ඊශ‍්‍රායලය විවේචනය කිරීම අපකීර්තියට පත්කිරීමේ උපාය මාර්ගයක් බව ලතුෆ් ප‍්‍රකාශ කරයි.

කාටූන් කියැවීම - පලස්තීනයට රිදවන අයව  කාටූනයෙන් රිදවන ලතුෆ්

ලතුෆ් බ‍්‍රසීලයේ වාම ප‍්‍රකාශන (වාමාංශික දේශපාලන ප‍්‍රකාශන) කාටුන් ශිල්පියකු ලෙස සිය වෘත්තීය ආරම්භ කර ඇත. 1977 දී ඔහු මෙක්සිකෝවේ ‘සෙපාටීස්ටස්’ (Zapatistasයනු මෙක්සිකෝවේ ජාතික විමුක්ති හමුදාවයි) පිළිබඳ වාර්තා චිත‍්‍රපටයක් නැරඹීමෙන් පසු ඔහු ඔවුන්ට කාටුන් කිහිපයක් නිර්මාණය කර තැපැල් කළ අතර ඒවාට ධනාත්මක ප‍්‍රතිචාරයක් ලැබුණි. මෙම අත්දැකීමෙන් පසු, තමන්ගේම වෙබ් අඩවියක් ආරම්භ කර කලාත්මක කි‍්‍රයාකාරීත්වයේ නිරත වීමට තීරණය කළ බව ලතුෆ් ප‍්‍රකාශ කර ඇත.

2011 දී ඊජිප්තුවේ විරෝධතා කි‍්‍රයාකාරීන් ලතුෆ් සම්බන්ධ කරගන්නා ලදි. ලතුෆ් ප‍්‍රකාශකර සිටියේ ඊජිප්තුවේ විරෝධතා පටන්ගත් 2011 ජනවාරි 25 වැනි දින නිරූපිත ඔහුගේ සමහර කාටුන් දැකීමෙන් දින කිහිපයකට පසු ඔහුව දිරිමත් කළ බවයි. රොයිටර් පුවත් සේවයට අනුව මෙයින් වේගවත් උපහාසාත්මක රූපසටහන් සහිතව ඔහු අරාබි වසන්තයේ වීරයකු බවට පත්වුණු බවයි. ලතුෆ්ගේ කාටුන් විශාල ප‍්‍රමාණයක් ඊශ‍්‍රායල-පලස්තීන ගැටුමට සම්බන්ධ වන අතර, 1990 ගණන්වල අග භාගයේදී එම ප‍්‍රදේශයේ සංචාරයකින් පසු ඔහුගේ කාටුන්වල ඊශ‍්‍රායලය අතිශයින් විවේචනාත්මක විය. ලතුෆ් එක්සත් ජනපද ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්, බ‍්‍රසීල ජනපති ලූලා ද සිල්වා සහ බි‍්‍රතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් යන අය අනකෙුත් දේශපාලන නායකයන් අතරේ රාක්ෂයන් ලෙසත් නාසීන් ලෙසත්, නිරූපණය කරන ලද කාටුන් මාලාවකින් පෙන්වාදී තිබුණි.

ලතුෆ් ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපද මිල්ටරි කි‍්‍රයාවන් විවේචනය කළේය. ආක‍්‍රමණවල මුල් වකවානුවේ සිටම ඔහුගේ කාටුන් වෙබ් අඩවිවල පළ කිරීමට පටන් ගත්තේය. ඔහු පැවසුවේ ‘යුද්ධය වීඩියෝ කී‍්‍රඩාවක් නොවේ. තාක්‍ෂණිකවාදය සැමරීමක් ද නොවේ. නමුත් යුද භීෂණය නිරාවරණය කළ යුතුයි’ ඔහුගේ කාටුන් අතර එක්සත් ජනපද ඇමරිකානු සොල්දාදුවන් දරුණු ලෙස තුවාල ලැබූ, මියගිය හෝ අංශභාග වූ සහ ඉරාක සිවිල් වැසියන්ට හානිකරන ආකාරය නිරූපණය කරන කාටුන්වලින් සමන්විත විය.

ලතුෆ්ගේ Tales of Iraq war නම් චිත‍්‍රපට මාලාවේ ජුබා (Juba) නම් බැග්ඩෑඩ් ස්නයිෆර් වරයකු නිරූපණය කරයි. ජුබා ඇමරිකානු සොල්දාදුවන් දුසිම් ගණනක් මරාදැමූ සුපිරි වීරයෙකි. ජුබා වීඩියෝ කී‍්‍රඩාවකට පැමිණීමෙන් පසු වඩ වඩාත් ජනපි‍්‍රය විය.

කාටූන් කියැවීම - පලස්තීනයට රිදවන අයව  කාටූනයෙන් රිදවන ලතුෆ්

ටියුනීසියාවේ, ඊජිප්තුවේ සහ ලිබියාවේ විප්ලවයේ ජයග‍්‍රහණයෙන් පසු මෙම රටවල් පිළිබඳව අඳින ලද ඔහුගේ කාටුන් අරාබි රටවල මහජන පෙළපාලිවල ප‍්‍රදර්ශනය කර ඇත. ලතුෆ්ගේ කාටුන්වලින් හැඟවෙන සමහර කරුණු යුදෙව් විරෝධී චෝදනාවලට ද තුඩු දී ඇත. ජෙරුසලමේ මහජන කටයුතු පිළිබඳ මධ්‍යස්ථානයේ ලේඛකයකු වන ඇඩම් ලෙවික් චෝදනා කෙළ් කාටුන්වල යුදෙව් විරෝධී සහ යුදෙව් විරෝධී මෝස්තර අඩංගු බවය. 2006 දෙසැම්බරයේ දී ඉරාන ජාත්‍යන්තර සමූල ඝාතන කාටුන් තරගයේදී අරාබි ජාතිකයකු සිරකරුවකු ලෙස පෙන්වමින්, බටහිර ඉවුරේ බාධකය නාසි ගාල් කඳවුරු සමග සංසන්දනය කරමින් ලතුෆ් ඔහුගේ කාටුනය සඳහා ඒකාබද්ධ දෙවන ත්‍යාගය ලබා ගත්තේය.

ලතුෆ් ගේ කාටුන් බොහෝවිට Ladymedia වෙබ් අඩවි සහ පුද්ගලික බ්ලොග්වල පළවේ. ඔහු The Globe Post සඳහා සතිපතා කාටුන් සපයයි. ඔහුගේ සමහර කාටුන් බ‍්‍රසීලියානු සංස්කරණය වන Mad, Le Monde Diplomatique සහ Mondoweiss වෙබ් සඟරාවල පළවී ඇත. මීට අමතරව ඔහුගේ කාටුන් අරාබි වෙබ් අඩවි සහ Islamic Front For The Iraqi Resistance සඟරාවේත් ලෙබනන් පුවත්පතක් වන Al Akhbar හී පළවෙයි. Alquds Alarabi, Huna Sotak සහ Islamophobia Research and Documentation Project-IRDP ඇතුළු මැදපෙරදිග පුවත්පත් කිහිපයකට ම ලතුෆ් දායක වෙයි. 2019 වර්ෂයේදී ලතුෆ් ‘Drawing Attention to the Israeli-Plestinian Conflict:Political Cartoons’ නම් තම දේශපාලන කාටුන් නිර්මාණ සහිත කාටුන් පොතක් ප‍්‍රකාශයට පත්කරන ලදි.

ලතුෆ් බ‍්‍රසීලියානු පොලිසිය මගින් තුන් වතාවක්ම අත්අඩංගුවට ගෙන ඇත. ඒ ඔහු බ‍්‍රසීලියානු පොලිසියේ කෲරත්වය ඔහුගේ කාටුන් මගින් විවේචනය කිරීම නිසාය.

2013 පෙබරවාරි මස 7 වැනි දින බ‍්‍රසීලයේ ‘පෙලෝටාස්’ නගරයේදී ‘මයිආරා මරීනහෝ’ විසින් කරන ලද සම්මුඛ සාකච්ඡුාව කාලෝස් ලතුෆ් ගේ කාටුන් ජීවිතයේ පැතිකඩ විවර කිරීමක් විය.

කාටූන් කියැවීම - පලස්තීනයට රිදවන අයව  කාටූනයෙන් රිදවන ලතුෆ්

මයිආරා (ප‍්‍රශ්නය) – ඔබ නිශ්චිත හේතු ආරක්‍ෂා කරනවාද නැතහොත් ඒවා හුදෙක් සමාජයීයද?

ලතුෆ් (පිළිතුර) – මම සාධාරණ හේතු ආරක්‍ෂා කරමි. අවාසි සහගත කොටසක් ඇති හේතුවක් මම ආරක්‍ෂා කරමි. මම සාමාන්‍යයෙන් පවසන්නේ කඹයේ දුර්වල ම කොටස මම ආරක්‍ෂා කරන බවය. එබැවින් ඉන්න හිටින්න තැනක් නොමැති අයව, තුර්කියේ කුර්දිවරු, පලස්තීනයේ මුඩුක්කුවක සිටින පුද්ගලයා විය හැකිය. මගේ කාර්යය ඔවුන්ව ආරක්‍ෂා කිරීමයි.

මයිආරා (ප‍්‍රශ්නය) : ඔබට තනි කාටුනයකින් මතයක් පිළිබඳ සම්පූර්ණ අදහස ප‍්‍රකාශ කළ හැකිද?

ලතුෆ් (පිළිතුර) : පුළුල් තේමාවක් තුළ විශාල අවධානයක් යොමුකළ යුතුයි. අපි එම තේමාවෙන් කරුණක් සොයාගත යුතුයි. එමගින් කාටුනය අවසාන විග‍්‍රහයේ දී විස්තීරණය විය හැකි නමුත් එය නියමිත වේලාවට ඉටුකළ හැකි බව මම විශ්වාස කරමි. වචන සමග එකතු වී දුරදිග යන අදහස් ප‍්‍රකාශ කළ යුතුයි.

මයිආරා (ප‍්‍රශ්නය) : උදාහරණයක් ලෙස බ‍්‍රසීලයේ මිනිසුන් දූෂණයෙන් කෝපයට පත්වී ඇත. නමුත් ඔවුන් දේශපාලනයට සහභාගී වන්නේ ඉතා අල්ප වශයෙනි. මෙම සහභාගීත්වය නොමැති නිසා එය දැඩි ලෙස දූෂණය වේ. මෙය චෝදනාවකින් ප‍්‍රකාශ කළ හැකිද?

ලතුෆ් (පිළිතුර) : කාටුනයකින් ඕනෑම අදහසක් ප‍්‍රකාශ කළ හැකිය. මෙම දූෂණ ප‍්‍රශ්නය සම්බන්ධයෙන්, මම අතිරේකයක් එකතුකොට පහත කරුණු පැහැදිලි කිරීමට කැමැත්තෙමි. මම PT හි Lula හෝ Dilmista නොවේ. මම කාටුන් ශිල්පියෙක්. PT යනු බ‍්‍රසීලයේ දූෂිතම පක්‍ෂය බවට මේ දිනවල බෙහෙවින් ජනපි‍්‍රය වන තර්කයක් තිබේ. PT රජය බ‍්‍රසීල ඉතිහාසයේ වඩාත්ම දූෂිත බව. දූෂණයට විසඳුම PT ආණ්ඩුවේ අවසානය බව. ඉතින් විශේෂයෙන්ම PT ආණ්ඩුවට එරෙහි මෙම විරෝධය රජය දූෂිත එකක් ලෙස ඉදිරිපත් කිරීමට උත්සාහයක් දරයි. ප‍්‍රශ්නය ආණ්ඩුව ගැන පමණක්ම නොවේ. ප‍්‍රශ්නය යටත් විජිතයේ සිට ම දූෂිත වූ දේශපාලන ක‍්‍රමය ගැනය. එබැවින් PT බ‍්‍රසීලයේ දූෂණය ආරම්භ නොකළ අතර PT හි අවසානය බ‍්‍රසීලයේ දූෂණයේ අවසානය යැයි සිතීම අවම වශයෙන් පැවසීම බොළඳ අදහසකි. විපක්‍ෂය පැත්තෙන් ගත්තොත් එය ද්වේෂ සහගත අදහසක්. PSDB ආණ්ඩුවත් ඒ තරමට ම දූෂිතයි. පැහැදිලිවම, අද පුවත්පත් PT හි දූෂණයට විශාල අවධානයක් යොමු කරන්නේ මෙම ප‍්‍රශ්නයට දේශපාලන අවශ්‍යතාවයක් ඇති බැවිනි. තමන් බ‍්‍රසීලයේ දූෂණයට විරුද්ධ බව පවසනවිට අවංක හෝ අවංකව කටයුතු කරන ඕනෑම කෙනකුට ක‍්‍රමය අනුගමනය කිරීමට සිදුවන අතර X පක්‍ෂය හෝ Y පක්‍ෂයේ වාද විවාද කිරීමට සිදුනොවේ.

මයිආරා (ප‍්‍රශ්නය) : සමාජයට පොලිසිය අවශ්‍ය වන්නේ ඇයි?

ලතුෆ් (පිළිතුර) : අපි සමාජය ගැන කතා කිරීමට යන්නේ නම්, අපි සමාජ සංවිධානය, මිනිසුන් ගැන කතා කිරීමට යන්නේ නම්, ඔහුට (මනුෂ්‍යයාට) සෑමවිට ම පිළිවෙළක්, අවශ්‍ය වූ බව පැවැසිය හැකිය. නමුත් අපට වැටහෙන දෙයනම් පොලිසියේ ප‍්‍රධාන කාර්යය අපරාධ සිදුවීම වැළැක්වීමට වඩා වැඩි දෙයක් ඇති බවයි. හොඳ සහ නරක සොරා සහ පොලිස්කාරයා. ඉතින් පොලිසිය රාජ්‍ය අවශ්‍යතා ආරක්‍ෂා කිරීමේ කර්යභාරය මුලින්ම ඉටුකර ඇත. පවතින තත්ත්වය, ඊනියා පාලක පන්තිය ආරක්‍ෂා කරන්න, අපරාධවලට වඩා සමාජ ව්‍යාපාර මර්දනය කිරීමට පොලිසිය බොහෝ කැපවී සිටින බව ඔබ දකින විට, මෙය ‘හොඳ ළකුණක්’වන අතර, පොලිසිය අපරාධයේ කොටසක් වී ඇති බව සඳහන් නොකරන්න. ප‍්‍රවෘත්තිවල දැක්වෙන්නේ පොලිස් නිලධාරීන් විසින් ගොඩනඟාගත් කල්ලි ගැනය. එක් පොලිස් නිලධාරියකු හෝ කිහිපදෙනකු සම්බන්ධ නොවන අපරාධ ප‍්‍රායෝගිකව නැත. උදාහරණයක් ලෙස රියෝ ද ජනයිරොහි පොලිසිය හිටපු පොලිස් සහ හමුදා නිලධාරීන්ගෙන් සැදුම්ලත් සමස්ත අපරාධ සංවිධානවන ‘මිලිෂියා’ ඇත. (Milicias ස්පාඤ්ඤ වචනයකි. ‘මිලිෂියා’ යනු සිවිල් වැසියන්ගේ එකමුතුවෙන් පිහිටුවා ගන්නා කණ්ඩායමක්. එය ඉඳහිට සාමාන්‍ය හමුදාවක් හෝ ගරිල්ලා කණ්ඩායමක් ලෙස හැසිරේ) මෙක්සිකෝවේ මෙක්සිකානු පොලිසිය විසින් ’ැඒි නම් ප‍්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරමක් පිහිටුවන ලදි. මෙය බ‍්‍රසීලියානු සංසිද්ධියක් නොවේ. එය ලෝක ව්‍යාප්ත සංසිද්ධියකි. පොලිසිය සෑමවිට ම රාජ්‍ය සේවයේ. ඉතින් ප‍්‍රචණ්ඩකාරී, සාපරාධී කොටස්වලින් පුරවැසියන් ආරක්‍ෂා කරන පොලිසියක් ගැන අපට සිතීමට සිදුවුවහොත්, අපට සිතිය යුත්තේ ප‍්‍රජා පොලිසියක්, ප‍්‍රජාව විසින් තෝරා පත්කර ගන්නා ලද, මැදිහත්වීමක් ඇති පුරවැසියන් විසින් පිහිටුවන ලද ප‍්‍රාදේශීය පොලිසියක් ගැනය. ප‍්‍රජාව සමග හඳුනාගැනීම. නමුත් කාරණය වන්නේ පොලිසිය රාජ්‍යයෙන් බැහැරව විශ්ලේෂණය කළ නොහැක. පොලිසිය යනු ස්වයංපාලන ආයතනයක් නොවන බැවින් ප‍්‍රජාවක් හා ජනපි‍්‍රය පොලිසියක් ඇතිකර ගැනීමට නම් ප‍්‍රජාවක් හා ජනපි‍්‍රය රජයක් අවශ්‍ය වේ.

මයිආරා (ප‍්‍රශ්නය) : ඔබේ කාටුනයන් සමාජයට බලපාන්නේ කෙසේද?

ලතුෆ් (පිළිතුර) : මම හිතන්නේ කාටුනයේ භූමිකාව මිනිසුන් සිනහවට පත් කරනවාට වඩා වැඩියි. අන් අය නොදකින මතයක් පෙන්වාදිය යුතුයි. එක්කෝ වරදින් මඟ හැරීමෙන් හෝ ද්වේශ සහගත චේතනාවෙන්. ඊනියා ප‍්‍රධාන ධාරාවේ පුවත්පත්වලට තේමා සම්බන්ධයෙන් වෙනස් අවධානයක් තිබේ නම් ඒ දේවල් පිළිබඳ ව්‍යාපාරික දැක්මක්, දේවල් පිළිබඳ අලෙවිකරන දැක්මක් වරප‍්‍රසාද ලබා දෙන්නේ නම් ප‍්‍රධාන ධාරාවේ පුවත්පත් සමාජ ව්‍යාපාර යක්‍ෂාවේශ කිරීමට උත්සාහ කරයි නම් ඉඩම් නොමැති අය ආක‍්‍රමණිකයන් ලෙස කොල්ලකරුවන් ලෙස, පලස්තීනුවන් ත‍්‍රස්තවාදීන් ලෙස ඉදිරිපත් කිරීමට උත්සාහ කරයි නම්, ප‍්‍රධාන ධාරාවේ පුවත්පත්වලට සම්බන්ධ නැති කාටුන් ශිල්පියාට ප‍්‍රතිමූර්තිය ප‍්‍රවර්ධනය කළ හැකි යැයි මම සිතමි. ඔහු නිෂ්පාදනය කරන කාටුනය තවත් නිරීක්‍ෂණ මාවතක් පෙන්නුම් කරයි. කාටුනයට හෘදය සාක්‍ෂිය අවදි කළ හැකියි. පාලකයන්ගේ කෝපය ඇවිස්සිය හැකිය. උදාහරණයක් ලෙස, මගේ කාටුන් සඳහා බහරේන් රජය මාව දැනටමත් වරදකරුවෙක් කර ඇත. මෙහෙම වුණාම කාටුන් කරදර වෙනවා. කාටුනය පුවත්පතක නිදර්ශනයකට වඩා වැඩිවූ විට සමාජය දෙසට නැඹුරු වේ. නමුත් එය පෝස්ටරයක, විරෝධතා පුවරුවක හෝ කමිසයක භාවිත කරනවිට එය හුදෙක් පුවත්පතක් අලංකාර කිරීමට වඩා ජීවමානවී සමාජ කාර්ය භාරයක් ඉටුකරයි.

එම සමාජ කාර්ය භාරය ඉටුකරන බ‍්‍රසීලියානු කාටුන් ශිල්පී කාලෝස් ලතුෆ් ගේ කාටුන් කිහිපයකි මේ.

  1. කාලෝස් ලතුෆ් පලස්තීනය සංකේතවත් කිරීමට ඔහු විසින් ‘පලස්තීන මව’ යනුවෙන් හඳුන්වනු ලබන වැඩිහිටි කාන්තාවකගේ රූපයක් තම කාටුන්වලට ඇතුළත් කරනු ලැබේ. ඇය සැමවිට ම පලස්තීනයේ ජනතාව වෙනුවෙන් පෙනී සිටී. කාටුනයේ දැක්වෙන්නේ ගාසා තීරයේ GAZA තාප්පයක් වටවී ඇති කුඩා කොටසක සිටින පලස්තීන මවයි. එම තාප්පය ඊශ‍්‍රායලය විසින් පලස්තීනය වෙන්කිරීමට සාදන ලද දේශ සීමා තාප්පයයි. තාප්පය ඇතුළේ කොටුවී සිටින පලස්තීන මාතාව ‘උදව්කරන්න Helf’ යනුවෙන් කෑගසයි. ඒ කොවිඩ්-19 යනුවෙන් හඳුන්වනු ලබන කොරෝනා වසංගතය පලස්තීනය තුළට පැමිණ ඇති නිසාය. තාප්පයෙන් ඇතුළත එම කොරෝනා විෂ බීජ පෙන්වාදී ඇත. තාප්පයෙන් පිටත මුව ආවරණයක් පැළඳ තුවක්කුවක් ගත් සොල්දාදුවෙක් සිටී. ඔහු ඊශ‍්‍රායලය නියෝජනය කරයි. තාප්පයේ ඇති පිටවීමේ දොරට විශාල ඉබ්බෙක් දමා ඇත. එහි ඊශ‍්‍රායල් ධජයේ ලාංඡුනය ඇඳ ඇත. සීමිත ඉඩක සිරවී සිටින පලස්තීන ජනතාවට වසංගතයෙන් බේරීමටවත් ඊශ‍්‍රායලය ඉඩ නොදෙන බව, ලතුෆ් මේ කාටුනයෙන් පෙන්වා දෙයි.
  2. කාටුනයේ දකුණු පැත්තේ සිටගෙන සිටින්නේ ඇමරිකාවයි. වම්පස චීනයයි. එය හඳුනාගැනීමට එම රටවල ධජයන්ගේ ලාංඡුන එම අයගේ ඇඳුම්වලට සම්බන්ධකර ඇත. මේ අතර උතුරු කොරියානු නායක කිම්-අන්-ජෝන් මිසයිලයක්ද අතින් ගෙනැවිත් ඇමරිකාව සංකේතවත් කරන පුද්ගලයාගේ සපත්තුවට තම කකුල ඔසවා පහරදෙයි. ඔහු චීනයට ගහන්නේ නැත. ඒ චීනය උතුරු කොරියාව සමග ලෙන්ගතු නිසාය. ලතුෆ් මෙහිදී චීනය හා ඇමරිකාව දැවැන්තයන් දෙදෙනකුගේ ඇද ඇති අතර උතුරු කොරියාව පොඩියට ඇඳ ඇත. ඉන් අදහස්කර ඇත්තේ තවමත් ලොව බලවතුන් දෙන්නා චීනය හා ඇමරිකාව බවය.
  3. ලතුෆ්ගේ මෙම කාටුනයෙන් පෙන්වාදී ඇත්තේ රුසියාව යුක්කේ‍්‍රනය ආක‍්‍රමණය කිරීමයි. මෙහිදී රුසියාව සංකේතවත් කර ඇත්තේ දුඹුරු වලසකු වගේය. (කාටුන් ශිල්පීන් රුසියාව විශාල දුඹුරු වලසකුගෙන් සංකේතවත් කරයි.) මෙහිදී මෙම වලසා යුක්කේ‍්‍රනයට තම ඉදිරි ගාතයකින් පහරදෙන ආකාරය පෙන්වන අතර යුරෝපා සංගමය හා ඇමරිකාව (ඇමරිකාව සංකේතවත් කර ඇත්තේ ඉරි සහ තරු සහිත තොප්පිය දමා ඇති අංකල් සෑම්ගෙනි) යුක්ක්‍රෝනය වලසාගෙන් බේරා ගැනීමට උත්සාහ කරන ආකාරය පෙන්වා දෙයි.
  4. කාටුනයේ දැක්වෙන්නේ නිදහස් පලස්තීනය (Free Palestine) නමැති තරුණයෙකි. ඔහුගේ අදහස් ප‍්‍රකාශ කිරීම නැවැත්වීම සඳහා යුදෙව් විරෝධීවාදය (Anti Semitism) නමැති ප්ලාස්ටරය ඔහුගේ කටේ ඇලවීමට උත්සාහ ගන්නා ඊශ‍්‍රායලයත්, ඇමරිකාවත් පෙන්වා දී ඇත. වම්පස ඇති ඊශ‍්‍රායල් කමිස අත ඔවුන්ගේ ධජයේ සංකේතය මගින් පෙන්වා දෙයි. දකුණු පස ඇති කමිස අතේ ඇමරිකානු ධජයේ මෝස්තරය පෙන්වා දී ඇත.
  5. කාටුනයේ දක්වා ඇත්තේ දකුණු අපි‍්‍රකාවේ කළු ජාතීන්ගේ නායක නෙල්සන් මැන්ඩෙලා සිරගෙදර ඇතුළත සිටින දර්ශනයකි. මැන්ඩෙලාගේ දෙඅතට මාංචු දමා ඇත. එම මාංචු කුට්ටම ඇමරිකාවේ රහස් ඔත්තු සේවය් වන CIA නම විදියට පෙන්වා දී ඇත. මේ කාටුනයෙන් කාලෝස් ලතුෆ් කියන්නේ මැන්ඩෙලාගේ සිරගතවීම CIA වැඩක් බවය.
  6. කාටුනයේ මාරයාව සංකේතවත් කර ඇත. මාරයගේ ඇෙඟ් දෙපැත්තක් ඇත. වම්පස ඇමරිකානු ධජයෙන් පෙන්වා දී ඇත. එම පැත්ත දෙවන ලෝක සංග‍්‍රාමයේ දී ජපානයට පරමාණු බෝම්බ හෙළීම සහ ඊට පසුව ඇති වූ විනාශය පෙන්වයි. දකුණු පස ඊශ‍්‍රායල් ධජයෙන් සංකේතවත් කර ඇත. එම පැත්ත පලස්තීනයට පහරදීම කාටුනයෙන් පෙන්වා දී ඇත. ජපානයත්-පලස්තීනයත් විනාශ කරන මේ මාරයාගේ මිතුරන් ඇමරිකාවත් ඊශ‍්‍රායලයත් බව ලතුෆ් සිය කාටුනයෙන් පෙන්වා දෙයි.

රුවන් තරස්වින්
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment