ආසියානු කුසලාන ක්‍රිකට් ශ්‍රී ලංකා සංචිතය

156


ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය සඳහා ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා විසින් අනුමැතිය ලබාදී ඇත.ඒ සඳහා නම් කළ නායක දසුන් ෂානක,උප නායක කුසල් මෙන්ඩිස් සහ කුසල් ජනිත් පෙරේරා ආබාධ සහිතව පසුවන බැවින් සුව වූ පසු සංචිතයට එක් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, දිල්ශාන් මධුෂංක සහ ලහිරු කුමාර අවසන් කණ්ඩායම සඳහා තෝරා නොගත්තේ තුවාල ලබා ඇති බැවින් යැයි ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි. තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය මෙසේය.දසුන් ශානක( නායක),පැතුම් නිස්සංක,දිමුත් කරුණාරත්න,කුසල් ජනිත් පෙරේරා,කුසල් මෙන්ඩිස් (උපනායක), චරිත් අසලංක,ධනංජය ද සිල්වා,සදීර සමරවික්‍රම,මහීෂ් තීක්ෂණ,දුනිත් වෙල්ලාලගේ,මතීෂ පතිරණ,කසුන් රාජිත,දුෂාන් හේමන්ත,බිනුර ප්‍රනාන්දු,ප්‍රමෝද් මධුෂාන්.

advertistmentadvertistment
advertistmentadvertistment