ශ්‍රී ලංකාව යුක්රේනයක් වෙනවාලු

233


වැරදි විදේශ ප්‍රතිපත්ති හා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නිසා අනාගතයේදී දකුණු ආසියාවේ යුක්රේනය බවට ශ්‍රී ලංකාව පත්වන එක වැඩි ඈතක නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා පවසයි.ජනාධිපතිවරයා සහ ආණ්ඩුව හිතුමතේ ලංකාව ඉන්දියානුකරනයට සූදානම් වන බවත් හෙතෙම පැවසීය.ඉන්දියාව අපගේ ඓතිහාසික මිතුරෙකි.නමුත් මේ රජය සහ ජනාධිපතිවරයා ඉන්දියානු සම්බන්ධය කළමනාකරණය කරන ආකාරය ප්‍රශ්නකාරී ස්වරූපයක් ගන්නවා.පසුගියදා ඉන්දියාවට ගිය ජනාධිපතිවරයා අත්සන් කළ ගිවිසුම් පිළිබඳව පාර්ලිමේන්තුව හෝ ජනතාව හෝ දැනුවත් කර නැහැ යැයි ද ඒ මහතා පැවසීය.නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මේ බව පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment