දුම්රිය අනතුරින් මිය ගිය තරුණයාට ඇමැති පෙනී සිටී

525

ත්‍රස්තවාදීන් ලෙස වර්ජන මෙහෙයවූ රියදුරන් 84 දෙනා දුම්රිය අනතුරෙන් දිවි අහිමි වූ තරුණ ජීවිතය වෙනුවෙන් වගඋත්තරකරුවන් විය යුතුයැයි ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකදී දුම්රිය අනතුරක් හේතුවෙන් අවාසනාවන්ත ලෙස දිවි අහිමි වූ ඉංජිනේරු සිසුවාගේ මරණය පිළිබඳව අදහස් දක්වමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.එහි දී තවදුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා,”මේ සිදුව තිබෙන අවාසනාවන්ත මරණය තුළින් අපට බල කර කියා සිටින්නේ වෘත්තීය සමිති ත්‍රස්තවාදයට විනයානුකූල, ක්‍රමවත්, ජාතික වැඩපිළිවෙලක්‌ සකස් කිරීමේ අවශ්‍යතාවය. අප එය ඉටු කරනවා.දුම්රිය ලෝකෝමොටිව් ඕපරේටින් ඉංජිනියර්ස් සංගමය ඉදිරිපත් කළ ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට දිනයේ විශේෂ රැස්වීමක්‌ පවා සංවිධානය කර තිබියදී, දුම්රිය බලවේග ධාවනාගාරයේ සහ විදුලි බලවේග ධාවනාගාරයේ සේවයේ නියුතු රියදුරන් 84 දෙනෙකු විසින් ත්‍රස්තවාදී ලෙස වර්ජනයක් මෙහෙයවමින් තරුණ දරුවෙකු මරණයට පත්කිරීම පිළිබඳව ඒ සියලු පාර්ශ්වයන් වගඋත්තරකරුවන් බවට පත්වනවා. ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මාධ්‍යවේදීන්ද මැදිහත් විය යුතුයි. මේ පිළිබඳව මේ වනවිට විශාල ජාතික අවධානයක් යොමුවී තිබෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment