පොහොට්ටු මන්ත්‍රීවරයකු ලෙස ධම්මික  මැතිසබයට

166

ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ ඊයේ (22දා) දිවුරුම් දුන්නේය.

 වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සභාව වෙත කැඳවා ගෙන එනු ලැබූ ධම්මික පෙරේරා මහතා ඊයේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදීම මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන් අතර දිවුරුම් දීමෙන් පසු ඒ මහතා මහලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේ මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය. බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා ධම්මික පෙරේරා මහතා මෙලෙස පත්විය.

 ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබූ පෙත්සම් පහක් පෙරේදා (21දා) විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කෙරිණි.

 1967 දෙසැම්බර් 28 වැනිදා කළුතර කටුකුරුන්දේදී උපත ලබා ඇති ධම්මික පෙරේරා මහතා හොරණ තක්ෂිලා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. එසේම හෙතෙම මොරටුව විශ්වවිද්‍යාලයේ ජාතික තාක්ෂණික විiා ඩිප්ලෝමාධාරියකුද වේ.

 අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment