ඊළඟ නඩු දිනයට කෙහෙළිය උසාවි ගේන්න – අධිකරණයෙන් බන්ධනාගාරයට නියෝග

858

විත්තිකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊළඟ නඩු දිනයේදී තම අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (14 දා) බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

කෙහෙළිය රඹුක්වැල්ල හා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුව ලබන මාර්තු 17 වැනිදා දක්වා කල්තැබූ විනිසුරුවරයා එම නියෝගය කළේය. 2015 ජනාධිපතිවරණ සමයේදී ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අවශ්‍යතාවයක් නොතිබියදීත් එම සංස්ථාවට අයත් රුපියල් නවලක්‍ෂ අනූදහසක මුදලක් යොදවා ජී.අයි. පයිප්ප 600 ක් මිලදී ගැනීමෙන් රජයට පාඩුවක් සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ එම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව එම නඩුව පවරා තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment