ජනතාව හෙම්බත් වෙලා ඉද්දි මහින්දලා මුහුදෙ පාටි දාලා – විපක්‍ෂ නායක

79

වැට් බදු නිසා ජනතාව විවිධ තාඩන පීඩනවලට ලක්ව ඇති මොහොතක පාර්ලිමේන්තුවේ රජයට සම්බන්ධ මැති ඇමැතිවරුන් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග වරාය අධිකාරියට අයිති හංසකාව සහ දියකොවුලා නමැති යාත්‍රා දෙක උපයෝගි කර ගෙන මීට දින 2කට පෙර මුහුද මැද සාදයක් දමා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (11දා) පැවසීය.

මේ සඳහා වරාය විෂය සම්බන්ධ අමාත්‍යවරයකු විසින් ලිඛිත අවසර පවා ලබා දී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

රට බංකොලොත් වී ඇති මොහොතක මත්පැන්, මෙන්ම වරායේ ආපන ශාලාවෙන් පවා කෑම ලබා ගෙන රටට අයිති නාවුක යාත්‍රා භාවිත කර, ඉන්ධන වැය කර මුහුද මැද සාද දැමීම සිදු කළ හැකි ද කියා ගැටලුවක් පවතින බවත් මෙම සාදය ඇමැතිවරුන්ගේ පෞද්ගලික වියදමින් පැවැත්වීම ගැටලුවක් නොවුවත් රජයට අයත් සම්පත් උපයෝගි කර ගෙන මෙවැනි සාද දැමීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙම සාදය සඳහා රතු පලස් පවා භාවිත කර ඇති බවත් ජනතාවගේ මුදල් මෙසේ වැය කර සාද දැමීම සම්බන්ධයෙන් තමාගේ විරෝධය පළ කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment