වසර 3400කට වඩා ඉපැරණි පොසිල යාපනයෙන් හමුවෙයි

924

යාපනය වේලනෙයි ප්‍රදේශයේ දී වසර 3400 ට වඩා ඉපැරණි බවට සැලකෙන පොසිල කොටස් තොගයක් හමුව ඇති බව එහි පරීක්ෂණ කටයුතුවල නිරත වන පුරාවිද්‍යාඥයෝ පවසති.

රජරට විශ්වවිද්‍යාලයේ හා නෙදර්ලන්තයේ සාමූහිකත්වයෙන් මෙම පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබන අතර එය යාපනය ප්‍රදේශයෙන් හමුවූ ඉපැරණිම ප්‍රග් ඓතිහාසික මානව අවශේෂ ලෙස සැලකේ.

වේලනෙයි දූපතේ වෙරළට කිලෝමීටරයක් පමණ ඈතින් මෙම ස්ථානය පිහිටා ඇති බව පුරාවිද්‍යාඥයෝ පවසති. මෙහිදී දඩයම් කරන ලද සතුන්ගේ අවශේෂ, විවිධ මෙවලම් හා තැම්පත් කර ඇති මෘත දේහවල සාක්ෂි හමුව තිබේ.

මුලතිව් ප්‍රසන්න ප්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment