ලබන 10 තෙක් වැසි නෑ – කාලගුණේ කියයි

47

දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත්, ලබන 10 වැනිදා දක්වා මෙම තත්ත්වය පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝදනී කරුණාපාල මහත්මිය ‘දිවයින’ට ඊයේ (6 දා) පැවසුවාය. 10 වැනිදායින් පසු වැසි සහිත කාලගුණික තත්ත්වයක් පවතින බව ද ඇය කියා සිටියාය. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළියේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බව ද ඇය සඳහන් කළාය. මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්‍ෂා කරන බව ද ඇය කියා සිටියාය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment