ගොයම රැකගන්න පළවා හැරීමට සැරසෙද්දී – කුපිත වූ වන අලියා කොක්මාඩුව දෙදෙනකු මරා දමයි

257

කහටගස්දිගිලිය කොක්මඩුව ගම්මානයේ වෙල්යායට කඩා වැදී ගොයමට හානි සිදු කරමින් සිටි තනි අලියෙකු පළවා හැරීමට එම ගම්මානයේ වැසියන් පිරිසක් ඊයේ (18) පෙරවරුවේ උත්සාහ කළ අවස්ථාවේ කොක්මඩුව සුසාන භුමිය අසලදී කුපිත වූ වල් අලියාගේ ප‍්‍රහාරයට ලක්ව හිටපු යුද හමුදා සෙබළෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙක් මරුමුවට පත්වූහ.

ඊයේ (18) පෙරවරු 7.30 ත් 8.00 ත් අතර කාලයේදී එම අලියා ගම්වැසියන් දෙදෙනාට මෙලෙස පහරදී මරා දමා ඇත.

වල් අලියා කොක්මඩුව වෙල්යායට කඩාවැදී ගොයමට හානි සිදු කරමින් සිටියදී ඌ පලවා හැරීමට ප‍්‍රදේශවාසීන් තිස් දෙනෙක් පමණ උත්සාහ කර තිබේ.

එසේ වල් අලියා පළවා හැරීමට උත්සාහ කරමින් සිටියදී ඔවුන් මෙම ප‍්‍රහාරයට ලක්ව ඇත.

මෙම සිද්ධියෙන් කහටගස්දිගිලිය කොක්මදුවප‍්‍රදේශයේ පදිංචිව සිටි හැට පස් හැවිරිදි මල්හාමිගේ සෙනෙවිරත්න සහ පනස් හත් හැවිරිදි හිටපු යුද හමුදා සෙබළකුවන ගුණවර්ධනගේ වික‍්‍රමසිංහ යන පුද්ගලයින් මරුමුවට පත්ව ඇති අතර මෙම සිද්ධිය හේතුවෙන් කොක්මඩුව ගම්වාසින් අතර දැඩි නොසන්සුන්තාවයක් පැවතිණි.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment