ආණ්ඩුව ජනතාව පෝලිම්වල ගාල් කරලා – රුවන් විජයවර්ධන

75

මාස තුනක් ගතවී ඇතත් ලාෆ් ගෑස් ගන්න තැනක් නැතැයි එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 383 කින් වැඩි කළත් ඔවුන්ට එය ප‍්‍රමාණවත් නැතැයි කියමින් වෙළෙඳපොළට ගෑස් නිකුත් කරන්නේ නැතැයිද ඔහු අවධාරණය කළේය. මහජනතාව පීඩාවට පත්කරන්න ව්‍යාපාරිකයන්ට ඉඩනොදෙන බව කියමින් බලය ගත්ත ආණ්ඩුව දැන් වැඩ කරන්නේ ව්‍යාපාරිකයන්ට ඕනෑ විදියට බවද විජයවර්ධන මහතා පවසීය.

පාරිභෝගිකයන් පෝලිම්වලට ගාල්කර ඇති ආණ්ඩුව දැන් ගොවියාත් පෝලිම් වලට ගාල්කර ඇතැයිද හෙතෙම කීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment