පාම් ඔයිල්වලට ගෝලීය ඉල්ලීම ක්‍රමයෙන් වැඩි වෙලා – ඉන්දුනීසියානු තානාපතිනිය දේවි ගුස්ටිනා ටොබිං

87

පාම් ඔයිල් සඳහා ගෝලීය ඉල්ලුම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බවත් පාම් ඔයිල් කර්මාන්තය පාරිසරික වශයෙන් සහ ආර්ථික වශයෙන් තිරසාර වන බවත් මෙය අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කරමින් ආහාරයට ගත හැකි තෙල්වලින් ස්වයංපෝෂිත වීම සඳහා ශ්‍රී ලංකාවට ස්වර්ණමය අවස්ථාවක් බවත් ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනි දේවි ගුස්ටිනා ටොබිං මහත්මිය පැවසුවාය.

දශක ගණනාවක් පුරා ලෝකයේ ප්‍රමුඛතම එළවළු තෙල් ලෙස පාම් තෙල් පවතින බැවින්, ශ්‍රී ලංකාවේ ඔයිල් පාම් වගාවන් සහ කර්මාන්තයේ දියුණුවට සහාය වීමට සියලුම පාර්ශ්වකරුවන් දිරිමත් කිරීමට තමන් කැමැති යැයි ද ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනි දේවි ගුස්ටිනා ටොබිං මහත්මිය කියා සිටියාය.

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනි දේවි ගුස්ටිනා ටොබිං මහත්මිය මේ බව කියා සිටියේ පසුගියදා කොළඹදී පැවැති ශ්‍රී ලංකා පාම් ඔයිල් සංගමය (POIASL) සිය 4 වැනි මහා සභා රැස්වීම 2022 හි ප්‍රධාන දේශනය පවත්වමිනි.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ මැලේසියානු මහ කොමසාරිස් – Dato Tan Yang Thai සහ ඉන්දුනීසියානු ජනරජයේ තානාපති Dewi Gustina Tobing යන මහත්ම මහත්මීන් මෙන්ම, පාම් ඔයිල් වගාකරුවන්, පිරිපහදු කරන්නන්, සැකසුම්කරුවන්, නිෂ්පාදන අලෙවිකරුවන් සහ විකුණුම්කරුවන් සහ පුද්ගලික ආරාධිතයින් ඇතුළු පාර්ශ්වකරුවන්, පෞද්ගලික මෙන්ම රාජ්‍ය ආයතන නියෝජනය කරමින් විවිධ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එමෙන්ම කර්මාන්තයේ දියුණුවක් ඇති කිරීම සඳහා තාක්ෂණික සහය, දැනුම සහ හොඳම භාවිතයන් සමඟින් ආර්ථික තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා සහාය වීමට හැකිවීම පිළිබඳව සතුටු වන බවද තමා දැඩිව විශ්වාස කරන බවත් දේවි ගුස්ටිනා ටොබිං මහත්මිය ප්‍රකාශ කළාය.

කුඩා පරිමාණ වතු හිමියන් මෙම වගාවට සම්බන්ධ වීමෙන් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස්වනවා මෙන්ම පවත්නා ආර්ථික ගැටලු හමුවේ, ඔවුන් සවිබල

ගැන්වීම වැදගත් බවත්, ඒ සඳහා පාම් ඔයිල් නිෂ්පාදනය කරන රටවල සහයෝගීතාව, හවුල්කාරිත්වය පෙරදැරි කරගත් සාමූහික පියවරක් අත්‍යවශ්‍ය වන බවත් දේවි ගුස්ටිනා ටොබිං මහත්මිය මෙහිදී වැඩිදුරටත් කියා සිටියාය.

ඔයිල් පාම් වගාව පිළිබඳ සත්‍ය තොරතුරු මහජනතාවට ලබා දීමේ අරමුණින් සහ ඔයිල් පාම් වගාව සඳහා වූ තහනම ඉවත් කිරීමේ කඩිනම් අවශ්‍යතාව අවධාරණය කරමින් POIASL හි 2022 වාර්ෂික මහා සභා රැස්වීම අවසාන කෙරිණි.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment