දරුවන්ගේ ආරක්‍ෂාවට සමාජ බුද්ධි ඒකකයක්

85

මෑතකදී සිදු වූ අවාසනාවන්ත සිදුවීම් ගැන අවධානය යොමුකරමින් දරුවන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ‘සමාජ බුද්ධි ඒකකයක්’ පිහිටුවීමට සැලසුම් කර ඇති බව ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

අපගේ අනාගත පරපුරේ ආරක්‍ෂිත පියවරක් ලෙස සියලුම පාසල්වල සහයෝගය ඇතිව සමාජ බුද්ධි ඒකකයක් පිහිටුවීමට අදහස් කර ඇති බවත් එය තවමත් මූලික මට්ටමේ සාකච්ඡාවන්හි ඇති බවත් ඔහු කියා සිටියේය.

කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ පාසල් ශිෂ්‍යභට උපදේශකවරුන් අමතමින් ජාතික ශිෂ්‍යභට බළකායට ප්‍රතිසංස්කරණ ගෙනඒමේ කාලීන අවශ්‍යතාව මෙන්ම දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත්වලට ද එය පුළුල් කිරීමේ අවශ්‍යතාව ඇති බව ද ඔහු කීවේය.

මෙම අවස්ථාවට ජාතික ශිෂ්‍යභට බළකායේ අධ්‍යක්‍ෂ බි්‍රගේඩියර් ජී, එස්. ෆොන්සේකා, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු, පොලිස් කැඩෙට් නිලධාරීහු, උපදේශකවරු සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment