රණවිරුවන් 5481කට උසස්වීම්

90

14 වැනි ජාතික රණවිරු දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය හා ස්වෙච්ඡා බල සේනාවන්හි නිලධාරීන් 402 දෙනකුට සෙසු නිලයන් 3348 දෙනෙකුට හා නාවික හමුදාවේ 1731 දෙනකුට ඔවුනගේ උසස්වීම් ලබාදී තිබේ.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ගේ නිර්දේශය මත සේනාධිනායක ලෙස ජනාධිපතිවරයා මෙම උසස්වීම් ලබා දී තිබේ.

නිත්‍ය සහ ස්වේච්ඡා බල සේනාවන්හි බි්‍රගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 7 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයටත්, කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 19 දෙනෙකු බි්‍රගේඩියර් නිලයටත්, ලුතිනන් කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 29 දෙනෙකු කර්නල් නිලයටත්, මේජර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 33 දෙනෙකු ලුතිනන් කර්නල් නිලයටත්, කපිතන් නිලයේ නිලධාරීන් 118 දෙනෙකු මේජර් නිලයටත්, ලුතිනන් නිලයේ නිලධාරීන් 97 දෙනෙකු කපිතන් නිලයටත්, දෙවන ලුතිනන් නිලයේ නිලධාරීන් 90 දෙනෙකු ලුතිනන් නිලයටත් උසස්වීම් ලබාදී ඇත.

එමෙන්ම බලලත් නිලධාරි ෂෂ නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 129 දෙනෙකු බලලත් නිලධාරී ෂ නිලයටත්, මාණ්ඩලික සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 332 දෙනෙකු බලලත් නිලධාරි ෂෂ නිලයටත්, සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 442 දෙනෙකු මාණ්ඩලික සැරයන් නිලයටත්, කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරීන් 585 දෙනෙකු සැරයන් නිලයටත්, ලාන්ස් කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරීන් 1028 දෙනෙකු කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබළුන් 832 දෙනෙකු ලාන්ස් කෝප්‍රල් නිලයටත් උසස්වීම් ලබා ඇත.

මේ අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 1731 කටද මෙලෙස ම උසස්වීම් ප්‍රදානය කර තිබේ.

සමන් ගමගේ හා ප්‍රදීප් සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment