වාහනයක් ඉස්සර කිරීමේදී බසය යතුරුපැදියේ ගැටීමෙන් පැදිකරුට තුවාල

72

හොරණ කළුතර මාර්ගයේ බැල්ලපිටිය එළවැල්ල මංසන්ධිය අසල සිදුවූ බස් සහ යතුරුපැදි අනතුරෙන් පෙරේදා (18 දා) යතුරුපැදිකරු තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇති බව හොරණ පොලිසිය පවසයි.

අනතුරින් තුවාල ලබා ඇත්තේ හොරණ බොඩිලයින් ආයතනයේ උදෑසන සේවයට යමින් සිටි අඟුරුවාතොට තෙබුවන ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. මාර්ග අංක 458 යටතේ මතුගම සිට හොරණ බලා ගමන් කරන මෙම පෞද්ගලික බසය හොරණ දෙසට ධාවනය වෙමින් තිබියදී එකවරම ඉතා වේගයෙන් මංතීරුව වෙනස් කරමින් වාහනයක් ඉස්සර කිරීමට යෑමේදී එම මාර්ගයේ සිට දකුණු පස ඇති හොරණ එළවැල්ල මාර්ගයට හරවමින් සිටි යතුරුපැදියක් මෙසේ අනතුරට පත් වී ඇත.

අඟුරුවාතොට – මංගල ප්‍රසන්න

advertistmentadvertistment
advertistmentadvertistment