ඩොලර් ගේන වතු කම්කරුවන් තවමත් අපා දුකේ

102

සජිත් මැතිසබයේදී කියයි

වසර ගණනාවක් පුරා වතුකම්කරුවන් මෙරටට විදේශ විනිමය ගෙන ඒමට විශාල වැඩකොටසක් ඉටු කළත් ඔවුන් සිටින්නේ අඩු පහසුකම් යටතේ බවත් නිසි පරිදි ප්‍රවාහන පහසුකම් නොමැති හෙයින් පාසල් වෙත ළඟාවීමට විශාල වෙහෙසක් දැරීමට සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19දා) පැවසීය.

ඊට අමතරව අවම සෞඛ්‍ය පහසුකම් පවා අහිමි බැවින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමටත් ඔවුන් දුගී භාවයෙන් මුදා ගැනීමටත් රජය කටයුතු කළ යුතු බව විපක්ෂ නායකවරයා කීය.

වතු කම්කරුවන්ගේ අවම වැටුප ලෙස රුපියල් 1000 ලබා නොදෙන සමාගම් කවරේද? එසේ නොදීමට ඔවුන් සඳහන් කරන හේතු කවරේද? මේ සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර කවරේද? රාජ්‍ය පෞද්ගලික සහ අනුබද්ධිත වතු සමාගම් විසින් වතුකම්කරුවන් වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදලට සහ භාරකාර අරමුදලට ලබා දිය යුතු මුළු හිඟ මුදල කොපමණද? ආදී වශයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටියේය. විපක්ෂ නායකවරයා මේ ප්‍රශ්න යොමු කර සිටියේ ඊයේ පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ වතුකම්කරු ප්‍රජාව මුහුණ දෙන ප්‍රශ්න සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරමිනි.

එහි දී විපක්ෂ නායකවරයා විසින් වතු කම්කරුවන් එම නාමයෙන් හඳුන්වනවාට වඩා උඩරට වැඩ කරන ප්‍රජාව ලෙස හැඳින්වීම වඩාත් සුදුසු බව ද තවදුරටත් අවධාරණය කළේය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment