ආණ්ඩුවේ බලය හෙට දෙදරයි

794

ආණ්ඩුවේ මැති ඇමැතිවරු 50කට අධික පිරිසක් හෙට (05) දිනයේදී පාර්ලිමේන්තුවේදී ස්වාධීන වීමට නියමිත බව හිටපු රාජ්‍ය ඇමැති නිමල් ලන්සා මහතා පවසයි.
ඒ අනුව හෙට පාර්ලිමේන්තුවේදී මන්තී‍්‍රවරු රැසක්ම විශේෂ ප‍්‍රකාශ කරමින් මෙලෙස ඉල්ලා අස්වන බව හෙතෙම සඳහන් කළේය.ඒ සමගම ආණ්ඩුවේ සරල බහුතරයද හෙට අහිමි වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ අද (04) දින මීගමුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා- පැහැදිළිවම අපේ මතය මේ ආණ්ඩුවට කියලා තියෙනවා. මේ ආණ්ඩුව කරන්න පුළුවන් කෙනෙක්ට භාරදෙන්න කියලාග හැබැයි ආණ්ඩුව තවදුරටත් උත්සාහ කරනවා නම් විවිධ උපක්‍රම හරහා මේ ආණ්ඩුව අරගෙන යන්න අපි පැහැදිළිවම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පුද්ගලයෝ විදියට ආණ්ඩුවේ 113 නැති කරලා, ආණ්ඩුවේ පාලන බලය වෙන අයට දීලාල ආණ්ඩුවේ ඉන්න පිරිස් සමඟ එකතු වෙලා විපක්ෂයේ කාර්යභාරය කරන ගමන් ඒ ආණ්ඩුවට සහයෝගය දෙන්න තමා අපේ බලාපොරොත්තුව වෙන්නේ’

කිසිම තනතුරක්- කිසිම වරප්‍රසාදයක් නැතුව රටේ ජනතාව මුහුණදීලා තියෙන ප්‍රශ්න විසදන්න සහය දෙනවාග ඒ නිසා ඉතාමත් පැහැදිළිවම කියන්නේ හෙට දිනයේ පාර්ලිමේන්තුව තුළ 50 කට අධික කණ්ඩායමක් ස්වාධීන වෙලා. පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ජනතාව ඉල්ලන ඉල්ලීම්වලට ඇහුම්කන්දීලා අපේ මේ ආණ්ඩුව අයින් වෙලා විපක්ෂයේ ඕන කෙනෙක්ට ආරාධනා කරලා ඒ ආණ්ඩුව කරගෙන යන්න සහායෝගය දෙන්න කියලා.

advertistmentadvertistment
advertistmentadvertistment