තම දියණියත් සමග සෙල්ලම් කළ දැරිය අපහරණය කරලා දෙදරු පියා කූරු ගනී

477

11 හැවිරිදි දැරියක් අපයෝජනය කළ අසල්වැසි විවාහකයකු ඉකුත් 25 දා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. අතවරයට පත්වූ දැරිය අසල්වැසි නිවසකට ගොස් සැකකරුගේ දියණියක් සමඟ සෙල්ලම් කරමින් සිට ඇත.

දැරිය නිවසේ කාමරයකට කැඳවාගෙන ගොස් බියවද්දා අතවරය සිදුකර කිසිවෙකුට හෝ එය පැවසුවහොත් මරණ බවට තර්ජනය කර ඇත. දින කිහිපයක් තුළ අවස්ථා කිහිපයකදී මෙලෙස අතවර කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. 119 මෙහෙයුම් මැදිරියට ලද තොරතුරක් මත 49 හැවිරිදි දෙදරු පියෙකු වන සැකකරු අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කර තිබේ. වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ටී. එම්. කරුණාතිලක මහතා පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment