ලංකා පාපන්දු කුසලාන තරගාවලිය යාපනය හා මහනුවර අවසන් පූර්ව වටයට

27

ශ්‍රී ලංකා ස්පෝට්ස් ගෲප් පුද්ගලික සමාගම සංවිධානය කරන ‘ලංකා පාපන්දු කුසලාන’ තරගාවලියේ කළුතර සහ නිගම්බු ක්‍රීඩා සමාජ පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසීමට යාපනය හා මහනුවර කණ්ඩායම් සමත් වූහ.

එහිදී මහනුවර කණ්ඩායම විසින් නිගම්බු ක්‍රීඩා සමාජයට එරෙහිව ගෝල් 9-0 ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත් අතර යාපනය පිල ගෝල් 3-2කින් කළුතර පරාජය කිරීමට සමත් වූයේය.

කොළඹ සිටිලීග් පිටියේදී ආරම්භවූ මෙම තරගාවලියට යාපනය, කොළඹ, කළුතර, මීගමුව, මහනුවර, මධ්‍යම, නැගෙනහිර හා ගාල්ල යන පාපන්දු ක්‍රීඩා සමාජ 8ක් එක්ව සිටියි.

මහනුවර – නිගම්බු ක්‍රීඩා සමාජ අතර තරගයේ මහනුවර පිලේ නයිජීරියානු ජාතික අයි. ඔල්ඩමෙජී ගෝල් 2ක්, අකීබ් ෆයිසර් ගෝල් 2ක් සහ ඒ. රහුමාන් ගෝල් 2ක් රැස් කළහ.

මොහොමඩ් ෆසාල්, නයිජීරියානු ජාතික ෂෙරල් පින්ගෝ හා ඒ. රහුමාන් ගෝලයක් බැගින් වාර්තා කර මහනුවර කණ්ඩායමට එම විශිෂ්ට ජයග්‍රහණය ගෙන ආහ.

යාපනය සහ කළුතර අතර තරගයේ

යාපනය පිල වෙනුවෙන් ඒ. ඩිලන්සන් ගෝල් දෙකක් හා එස්. ඥානරූබන් ගෝලයක් ලැබූ අතර, කළුතර පිලේ මොහොමඩ් අස්මීර් හා මොහොමඩ් අජ්මීන් ගෝල් වාර්තා කළහ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment