අනාරක්‍ෂිත ජල ටැංකියක් මුළුතැන්ගෙට කඩාවැටී කතක් මරුට

47

ඉහළ මාලයක අනාරක්‍ෂිතව සවිකර තිබූ ජල ටැංකියක් පෙරේදා (15 දා) එහි මුළුතැන්ගෙට කඩා වැටීමෙන් එහි සිටි 57 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇතැයි වළස්මුල්ල පොලිසිය පවසයි.

වළස්මුල්ල නගරයේ ආපන ශාලාවක මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවී තිබිණි.

ජල ලීටර් 1000 ක ධාරිතාවක් සහිත ජල ටැංකියක් මෙලෙස කාන්තාවකගේ හිසමතට කඩාවැටී තිබේ.

අනතුරට මුහුණපාන අවස්ථාවේ ඇය ආහාර සකස් කරමින් සිට ඇති අතර ඇය දවසේ කුලියට එහි සේවය කරමනින් සිටි තැනැත්තියක් බවද හෙළිවී ඇත.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment