මැන්ඩවුස් සුළි කුණාටුවේ චණ්ඩ බලපෑම්

150

මැන්ඩවුස් සුළි කුණාටුවේ බලපෑමෙන් ත්‍රිකුණාමලය, සමුද්‍රගම සිදුවූ හානිවල තවත් දසුන් කිහිපයකි මේ….

මැන්ඩවුස් සුළි කුණාටුවේ චණ්ඩ බලපෑම්
මැන්ඩවුස් සුළි කුණාටුවේ චණ්ඩ බලපෑම්

පිංතුර සමන් මල්ලවආරච්චි – ත්‍රිකුණාමලය

මොනරාගල හරහා හමාගිය සුළඟින් ප්‍රදේශ රැසකට හානි

මැන්ඩවුස් සුළි කුණාටුවේ චණ්ඩ බලපෑම්
මැන්ඩවුස් සුළි කුණාටුවේ චණ්ඩ බලපෑම්

මොනරාගල දිස්ත්‍රික්කය හරහා ඉකුත් (08දා) අලුයම් කාලයේ සිට හමාගිය දැඩි සුළඟින් බිබිල, මැදගම, බඩල්කුඹුර, වැල්ලවාය සහ මඩුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි නිවාසවලට ගස් කඩා වැටීමෙන් හානි සිදුවී ඇති අතර මාර්ග අවහිරවී තිබේ.

විදුලි සැපයුමද විසන්ධිවී ඇති අතර ගමනාගමන කටයුතු ඇනහිට තිබේ.

බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මැදපිටිය, යල්කුඹුර සහ තානායම්ගම යන ගම්මානවල නිවාස 45 කට සුළඟින් අලාභහානි සිදුවී තිබෙන අතර බිබිල මහියංගණය මාර්ගය, බිබිල මැදගම මාර්ගය ඇතුළු ග්‍රාමීය මාර්ග රැසකට ගස් කඩා වැටී ඇත.

මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නන්නපුරාව, දහම්ගම සහ බිබිල මුල්ල යන ගම්මානවල නිවාස 46 කට සුළඟින් අලාභහානි සිදුවී ඇති අතර නන්නපුරාව ජාතික පාසල, ඌව විජය විද්‍යාලය සහ මැදගම ජාතික පාසල යන පාසල්වල ගොඩනැඟිලිවලට ගස් කඩාවැටීම නිසා අලාභහානි සිදුවී ඇත.

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුරුගම ප්‍රදේශයේ නිවාස 09 කට අලාහභානි සිදුවී ඇත. බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මියනකඳුර, ඇත්පට්ටිය, අලුපොත, කරඳගම, මඤ්ඤොක්කාවත්ත, කොටමුදුන, මඩුගස්මුල්ල, අතල සහ වරාදොළ යන ගම්මානවල නිවාස 96 ක් ගස් කඩාවැටීම නිසා හානි වී ඇත.

බිබිල අධ්‍යාපන කලාපයට අයත් පාසල් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා ළමුන් නිවාසවලට පිටත්කර යවා ඇති අතර බඩල්කුඹුර අධ්‍යාපන කොට්ඨාසයේද පාසල් වසා දමා තිබේ. මේ පිළිබඳ අදහස් දැක්වූ ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඒ. එච්. රවීන්ද්‍ර කුමාර මහතා,

බ්‍රහස්පතින්දා අලුයම හමාගිය සුළඟින් නිවාස රැසකට අලාභහානි සිදුවී තිබෙනවා. මාර්ග කිහිපයක ගමනාගමන කටයුතු ද ඇනහිට තිබෙනවා. මැදගම ප්‍රාදේශීය ලේකම් කපිල බණ්ඩාර, බිබිල ප්‍රාදේශීය ලේකම් උපේක්ෂා නයනී විජේසිංහ සහ බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කේ. වී. ඩී. සී. විමලසිරි යන මහත්ම මහත්මීන් අදාළ ප්‍රදේශවලට සහන සැලසීමට කටයුතුකර ගෙන යන අතර මාර්ග සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ කුඹුක්කන කඳවුරේ නිලධාරීන්, බිබිල, මැදගම,

බඩල්කුඹුර සහ හිඟුරුකඩුව යන පොලිස් ස්ථානවල නිලධාරීන් යොදවා මාර්ගවලට වැටී ඇති ගස් ඉවත්කිරීමට කටයුතු කරගෙන යනවා. හානියට පත්වූ නිවාසවල පදිංචිකරුවන්ට වියළි ආහාර ද්‍රව්‍ය හෝ පිසූ ආහාර දීමට සූදානම්කර තිබෙනවා.

ඒ. එච්. රවීන්ද්‍ර කුමාර, බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

අයහපත් කාලගුණයෙන් වවුනියාවේ කුඩා වැව් පිටාර ගලයි

මැන්ඩවුස් සුළි කුණාටුවේ චණ්ඩ බලපෑම්

උතුරු පළාතට මේ දිනවල බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඇති වූ වැසි තත්ත්වයත් සමග වවුනියාව දිස්ත්‍රික්කයේ කුඩා වැව් කීපයක් පිටාර ගැලීමට පටන් ගෙන තිබේ. එමෙන්ම මධ්‍යම ප්‍රමාණයේ හා විශාල වැව්වලද මේ සමග ජල මට්ටම ඉහළ ගොස් තිබේ.

කුඩා වැව් පිටාර ගැලීමත් සමග පහත් බිම් රැසක් ජලයෙන් යට විය. දින කිහිපයක සිට මෙම ප්‍රදේශවලට වරින් වර මේ දක්වා වැසි ලැබෙමින් පවතින අතර තරමක තද සුළං තත්ත්වයක්ද හට ගෙන තිබේ.

මුලතිව් – ප්‍රසන්න ප්‍රදීප්

තේ දලු කඩමින් සිටි කත සුළඟින් පැමිණි මරුවාට යටවෙයි

මැන්ඩවුස් සුළි කුණාටුවේ චණ්ඩ බලපෑම්
මැන්ඩවුස් සුළි කුණාටුවේ චණ්ඩ බලපෑම්

පසුගියදා (08දා) බළන්ගොඩ ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුළඟින් තේ වත්තක තේ දලු නෙළමින් සිටි කාන්තාවක් ඉදිරී වැටුණු ගසකට යටවීමෙන් ජීවිතක්ෂයට පත් විය. මෙසේ මියගොස් ඇත්තේ උඩවෙල, කුඹල්මුල්ල ප්‍රදේශයේ විසූ මාවැල්ලගේ දම්මිකා ජයන්ති (51) නැමැති කාන්තාවකි. මීට අමතරව වලේබොඩ, උඩකන්ද, පොල්ගහවෙල, පින්නවල, රාවණාකන්ද සහ පඹහින්න ඇතුළු ප්‍රදේශ ගණනාවක නිවෙස් රාශියකට සුළඟින් හානි සිදු වී ඇත. ඉකුත් 7 වැනිදා රාත්‍රියේ සිට 09 වැනිදා දහවල වනතුරුත් ඉහත ප්‍රදේශවල විදුලි රැහැන්වලට හානි සිදුවීමෙන් විදුලිය විසන්ධිව පවතී. බළන්ගොඩ නගරයේ පිහිටි නැණසල මධ්‍යස්ථානයේ ඉදිරිපස වීදුරුවක් සුළඟින් කැඩී එහි උපකරණවලට ද දැඩි හානි සිදු වී තිබේ.

බළන්ගොඩ – පියසේන

advertistmentadvertistment
advertistmentadvertistment