චීනයේ ‘ඩෙල්ටා’‍ ප‍්‍රභේදය පාලනයට 12-17 වයස් කාණ්ඩයටත් එන්නත් දෙයි

203

මාස ගණනාවකින් පසු චීනය විසින් මුහුණ දී ඇති දරුණුතම කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් එරට වයස අවුරුදු 12-17 වයස් කාණ්ඩයට අයත්වුවන්ට කොරෝනා එන්නත් ලබා දීමේ වැඩසටහන තවත් පුළුල් කිරීමට චීන බලධාරීන් විසින් පියවර ගෙන තිබේ .චීනයේ දැනට පැතිරෙන ”‍ඩෙල්ටා ”‍ ප‍්‍රභේදය තවදුරටත් පැතිරීම පාලනය කිරීම සඳහා පාසල් සිසුන්ටද කොරෝනා එන්නත් ලබා දීමට පියවර

 ගන්නා ලෙස චීන අධ්‍යාපන අමාත්‍යංශය විසින් පළාත් පාලන ආයතනවලින් ඉල්ලීමක් කර තිබේ .මේ වන විට ඇතැම් පළාත් විසින් පාසල් සිසුන්ට කොරෝනා එන්නත් ලබා දී ඇති බව වාර්තා වී තිබේ.

 මේ වන විට ශීඝ‍්‍රයෙන් පැතිරෙන ”‍ඩෙල්ටා ”‍ වෛරස් ප‍්‍රභේදය චීනයේ පළාත් හා නගර සභා බලප‍්‍රදේශ 16කට පැතිර ගොස් තිබෙන අතර ඊයේ (04දා * දිනයේ පමණක් එරටින් කොරෝනා ආසාදිතයන් 71 දෙනකු හඳුනාගෙන තිබිණි.මෙය ඉකුත් ජනවාරි මාසයෙන් පසු එරටින් දිනකදී හඳුනාගනු ලැබූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වේ .චීනයේ මෙතෙක් සම්පුර්ණ කොරෝනා එන්නත් මාත‍්‍රාවන් ලබා දුන් සංඛ්‍යාව පිළිබඳව නිශ්චිතව අනාවරණය වී නැතත් කොරෝනා එන්නත් මාත‍්‍රා බිලියන 1.6ක් මේ වන විට එන්නත් කර ඇති බව වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment