වාහනවලට ඉන්ධන නිකුත් කිරීම සීමා කරයි බස් – ලොරිවලට සීමාවක් නෑ

161

ඉන්ධන පිරවුම්හල්වලින් රථවාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම ඊයේ (05 දා) සිට සීමා කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත.

ඒ අනුව යතුරුපැදි සඳහා රුපියල් 2000 ක් ද, ත්‍රිරෝද රථ සඳහා රුපියල් 3000 ක් ද, මෝටර් රථ, වෑන් රථ සහ ජීප් රථ සඳහා රුපියල් 8000 ක් ද ලෙස ඉන්ධන නිකුත් කිරීම සීමා කර තිබේ. කෙසේ වෙතත්, බස් රථ, ලොරි රථ සහ වාණිජමය රථ සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී මෙම සීමාවන් අදාළ නොවන බව ද එම සංස්ථාව පවසයි. එසේම, බූලි සහ කැන්වලට ඉන්ධන නිකුත් නොකරන බව සංස්ථාව වැඩිදුරටත් සඳහන් කර සිටී.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment