මහ වැස්සෙන් උතුරේ 6719 ක් පීඩාවට

75

උතුරු පළාතට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් පවුල් 2142 කට අයත් පුද්ගලයින් 6719 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 8 ක් විවෘත කිරීම නිසා පහත් බිම් යටවීමෙන් කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ පමණක් පවුල් 1245 කට අයත් පුද්ගලයින් 3959 දෙනෙකු මේ වනවිට පීඩාවට පත්ව සිටින බව එම මධ්‍යස්ථානය කියයි.

මේ අතර දිස්ත්‍රික්ක 10 ක් සඳහා පනවා ඇති නාය අවදානම තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව බදුල්ල, මාතලේ, නුවරඑළිය, මහනුවර, කෑගල්ල, රත්නපුර, කුරුණෑගල, ගාල්ල, මාතර, හම්බන්තොට සහ කළුතර යන දිස්ත්‍රික්කවලට මෙම නාය අවදානම එම සංවිධානය මගින් නිකුත් කර තිබේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, තිසර සමල් – එප්පාවල

advertistmentadvertistment
advertistmentadvertistment