‘Wildlanka’ ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවදා

69

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘Wildlanka’ ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව ‘සංරක්ෂණය සඳහා පරිසර පද්ධති කළමනාකරණය කරමු’ මැයෙන් ඊයේ සහ පෙරේදා (18-19දා) දෙදින බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී පැවැත්විණි.

වනජීවි සහ වන සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ආර්. එම්. සී. ඒ හේරත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරිය බණ්ඩාර මහතාගේ සහභාගිත්වයෙන් ආරම්භ කරන ලද මෙම සමුළුවේ දී ‘Wildlanka’ වනජීවි සඟරාවද එළිදක්වනු ලැබීය.

මෙම සඟරාව මගින් විද්‍යාත්මක හා පාරිසරික වශයෙන් නව සොයාගැනීම් රැසක තොරතුරු අනාවරණය කර ඇති අතර සමුළුවේ ප්‍රධාන දේශනය ප්‍රවීණ සත්වවේදී රොහාන් පෙතියාගොඩ මහතා විසින් පවත්වන ලදී.

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය, රුහුණු විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, පාරිසරික ගවේෂණ ආයතනය, ස්වාධීන පර්යේෂකයන්, පාරිසරික ක්‍රියාකාරිකයන්, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන රැසක් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා එක්ව සමුළුවට පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කර තිබිණි.

‘Wildlanka’ සඟරාව එහි සංවත්සරික ආචාර්ය නිලන්ති ඩයස් මහත්මිය විසින් වනජීවි අමාත්‍යාංශ ලේකම් ආර්. එම්. සී. ඒ. හේරත් මහත්මියට හා වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහත්වරුන්ට පිළිගැන්වූ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment