උතුරු ගාසා තීරයෙන් රෝහල් 22 ක් ඉවත් කිරීම මරණ දඬුවමක් වගෙයි

239

ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

උතුරු ගාසා තීරයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය විසින් කර ඇති නියෝගයට එම කලාපයේ පිහිටි රෝහල් 22 ද ඇතුළත් කර තිබීම මරණ දඬුවමක් හා සමාන ක්‍රියාවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

රෝගීන් 2000 කට අධික පිරිසක් ප්‍රතිකාර ලබන උතුරු ගාසා තීරයේ රෝහල් 22ක සිටින රෝගීන් හා රෝහල් සේවකයන් ද දකුණු ගාසා තීරයේ රෝහල් වෙත යැවීමට සලස්වා ඇත්තේ දකුණේ රෝහල්වල පවතින තත්ත්වය යටතේ උපරිම රෝගීන් සංඛ්‍යාවකට ප්‍රතිකාර දෙන අවස්ථාවකදී වීම නිසා එය සැබැවින්ම උතුරේ රෝගීන්ට දෙන මරණ දඬුවමක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහස වී තිබේ.

උතුරු ගාසා තීරයෙන් ඉවත්ව යන ලෙස නියෝග ලැබී ඇති දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන්, අලුත උපන් බිළිඳුන්, විශේෂ ප්‍රතිකාර ලබන රෝගීන් ඇතුළු අසාධ්‍ය රෝගීන් දකුණු දිග ගාසා තීරයේ රෝහල් වෙත යැවීම දැනට ගාසා තීරයේ පවතින මානුෂික හා සෞඛ්‍ය ව්‍යසනය තවත් නරක අතට හැරීමක් වන බව ද එම සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරයි.
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment