ලබන සඳුදා තෙක් වැසි – කාලගුණේ කියයි

107

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය ලබන සඳුදා (08 වැනිදා) දක්වා අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එසේම දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඊයේ (02දා) උදෑසන වැසි හට ගැනීමට හේතුව පහළ වායුගෝලයේ සුළං රටාවේ වෙනස්වීම බවත්, එය තාවකාලික තත්ත්වයක් බවත් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ‘දිවයින’ ට පැවසීය.

ලබන 08 වැනිදා තෙක් දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, නැගෙනහිර සහ ඌව පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර, මන්නාරම සහ යාපනය යන දිස්ත්‍රික්කවලට මිලි මීටර්
75 ට වැඩි වැසි අපේක්‍ෂා කරන බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment