පැරණි කෝන්තරයක් ඇවිස්සී පිහියකින් අයෙකුගේ වෘෂණ කෝෂය කපලා

414

පැරණි කෝන්තරයක් ඇවිස්සීමෙන් කුපිත වූ පුද්ගලයෙකු සිය අතෙහි වූ තියුණූ ආයුධයකින් අනෙකාගේ වෘෂණ කෝෂය කැපීමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා රෝබේරිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහලට ඇතුළත් කර ඇත.

පිටමාරුව සූරියගොල්ල ගම්මානයේ පදිංචි වයස අවුරුදු 41 ක අවිවාහක අයෙකු මෙලෙස රෝහල් ගත කර ඇත.

කිසියම් කටයුත්තක් සඳහා තම වත්තට ගොස් ආපසු එමින් සිටියදී රාත්‍රී 8.30 ට පමණ මග රැක සිටි තමුන් දන්නා හඳුනන පුද්ගලයෙකු සරම ගලවා අතෙහි වූ පිහියකින් වෘෂණ කෝෂය කපා තුවාල සිදුකළ බව තුවාලකරු පවසයි.

පිහියෙන් කැපීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ඔහුගේ ඥාතීන් විසින් රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනතුරුත් කිසිවෙකුත් පොලීසිය වෙත පැමිණිලි කර නොමැති අතර රෝහල මගින් පොලිසිය වෙත දැනුම් දීමට නියමිතව තිබිණි.

සිද්ධියට සම්බන්ධ සැකකරු ද එම ප්‍රදේශයේම පුද්ගලයෙකි.

මඩොල්සිම පොලිසිය හා බදුල්ල රෝහල් පොලිසිය ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.

කන්දකැටිය ජී. චතුරංග

advertistmentadvertistment
advertistmentadvertistment