නිදහස් දිනයට විරෝධය පා යාපනය සරසවිය පුරා කළුකොඩි

39

ජාතික නිදහස් දිනයට විරෝධය පළකරමින් යාපනය විශ්වවිද්‍යාලය පුරා 4 දා කළු කොඩි ඔසවා තිබුණි.

උතුරේ දෙමළ ජනතාවට කිසිදු නිදහසක් නොමැති බව කියමින් මෙම කළු කොඩි ඔසවා තිබූ අතර යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය හා උතුරේ දෙමළ දේශපාලනඥයන් හා ස්වෙච්ඡා සංවිධාන මෙවර ජාතික නිදහස් දිනය වර්ජනය කොට කළු කොඩි ඔසවන ලෙස උතුරේ ජනතවගෙන් ඉල්ලීමක් කොට තිබුණි.

යාපනය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන කොඩි ගස ඇතුළු ස්ථාන කීපයක දමා තිබූ කළු කොඩි කිසිවෙකුත් ඉවත් කොට නොතිබුණි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment