පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් පුටුව මාස 8 ක් තිස්සේ හිස් – පුරාවිද්‍යා සුරැකීමේ සංවිධානයේ සභාපති

63

රාජ්‍ය ආයතන බිඳ වැටී යන මෙවන් කාලයක ලංකාවේ රාජ්‍ය ආයතන අතර පැරැණිතම රාජ්‍ය ආයතනයක් වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ වනවිට ඉතා බරපතළ ලෙස අකර්මණ්‍ය කර ඇති බවත් මාස 8 කට අධික කාලයක් තිස්සේ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් පුටුව හිස්කර තිබෙන බවත් පුරාවිද්‍යා සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව පැවසුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ විනාශවී යන පුරාවස්තු සම්බන්ධයෙන් බටලීය පුරාවිද්‍යා සුරැකීමේ මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ලෝකයේ වැඩිපුරම පුරාවස්තු තිබෙන රටවල් අතරින් එකක් වන ශ්‍රී ලංකාව වැනි රටක පුරාවස්තු අධ්‍යක්‍ෂ ජනරාල් තනතුර ඉතාම වැදගත්. මේ තනතුර ශාස්ත්‍රීය මට්ටමේ එකක්. දවස් දෙක තුනකට එක්කෙනෙක් ඉවත්කරලා වැඩක් නැහැ. වැඩබලන පුරාවිද්‍යා ජනරාල්වරියක් මේ වනවිට පත්කරලා තිබෙනවා. එතුමියට පුරාවිද්‍යා පිළිබඳ කිසිදු දැනුමක් නැහැ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරම්භක කාලයේ ඉඳලම සෙනරත් පරණවිතාන වැනි කීර්තිමත් පුද්ගලයන් තමයි මේ තනතුරුවල කටයුතු කළේ. දැන් මේ දෙපාර්තමේන්තුව ඉතාම ශෝචනීය තත්ත්වයකට පත්කරලා යැයිද උන්වහන්සේ කියා සිටියහ.

සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment