1948 නිදහස් දින දා සමරු අඹ පැළය රෝපණය කළ පුදබිමේ නිදහස් සැමරුම

44

1948 පෙබරවාරි මස 4 වැනි දින නිදහස ලැබීමෙන් පසුව එවකට අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතා මෙම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත් සිදුකොට තිබේ. එතැන් සිට මේ දක්වා සෑම වර්ෂයකම මෙම නිදහස් දින සැමරුම අඛණ්ඩව සිදුකර ඇති අතර, මෙවර පැවැති සැමරුම් උත්සවය සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගි විය.

විහාරාධිපති ආචාර්ය බණ්ඩාරවෙල විමලධම්ම නාහිමියන්ගේ අනුශාසනා පරිදි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක ආචාර්ය අතිපූජ්‍ය වලේබඩ ගුණසිරි නායක ස්වාමීන් වහන්සේ මෙහි මුලසුන හෙබවූ අතර රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න, කොළඹ මහ නගර සභාව නියෝජනය කරමින් මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

1948 නිදහස් දින දා සමරු අඹ පැළය රෝපණය කළ පුදබිමේ නිදහස් සැමරුම
1948 නිදහස් දින දා සමරු අඹ පැළය රෝපණය කළ පුදබිමේ නිදහස් සැමරුම
advertistmentadvertistment
advertistmentadvertistment