අපේ ජීවිතත් ගලන  ගඟක් වගේ බාධක මැඩගෙන යන්නෙ පහළට

325

නිමල් විශ‍්‍රාම හමුදා සෙබළෙකි. විශ‍්‍රාම වැටුපකට හිමිකම් කියන ඔහු දරු තිදෙනකුගේ පියෙකි. නිමල්ගේ බිරිඳ ගෘහනියකි.

ගම්පහ නගරයට කිට්ටු ප‍්‍රදේශයක ජීවත්වන ඔවුහු ද මේ දිනවල අප කොයි කවුරුත් වගේ දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටිති.

”නිමල් ගෑස් ඉවරයි. කොහෙන්හරි ගෑස් එකක් ගේන්නකෝ.” රුපියල් 10 කාසි පිරවූ කැට දෙකක් ද කඩා මුදල් එකතු කර බිරිය සැමියාට දුන්නේ ස`ගවා තැබූ මුදල් සියල්ල එකතු කරගනිමිනි.

නිමල් යතුරුපැදියේ ටැංකිය ගැටගසා ගෙන ගම්පහ නගරයට ගියේ ඒ අනුවය.

”ගෑස් නැත. ගෑස් නැත.” නිමල් වරුවක්ම ගෑස් කඩ සොය සොයා ඇවිද හෙම්බත් විය.

දර කඩයකට ගොඩවූ ඔහු ගෑස් සිලින්ඩරය විකුණා දමා ඒ මිලට දර මිලදී ගෙන ආපසු නිවසට ආවේ ආණ්ඩුවේ ලොකු ලොක්කන්ට තිත්ත කුණුහරපෙන් බැන වදිමිනි.

”ගෑස් නෑ නෝනේ. අපි දර ලිපක් හදාගෙන දර වලින් උයමු.” එසේ කියූ ඔහු ගෑස් ලිපද පොඩිකර තලා දමා ගෑස් මිලදී ගන්නට දුන් මුදලින් ටකරන් පහ හයක් ගෙන්වා පොඩි පැලක් බා කුස්සියක් අටවා ගත්තේ අහල පහළ මිතුරන් දෙදෙනකු ද එක්කර ගනිමිනි.

”මින් පස්සේ ගෑස් නෑ දර වලින් උයමු.” ඔහු බිරිඳට කීවේ අපේ ජීවිත හරියට ගලන ගඟක් වගේ කියමිනි. ගඟ බාධක මැද ගලන්නෙ පහළට. අපේ ජීවිතත් බාධක මැද ගලන්නෙ පහළට. මොනවා කරන්නද? ඔහු කීවේ ලිපට දර ඔබන ගමන්ය.

පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment