මිලියන 21045ක් අරුවක්කාලුවේම ගිලිලා?

297

අරුවක්කාලු සනීපාරක්ෂක කසළ රැඳවුම් ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන විසිඑක්දහස් හතළිස් පහක මුදලක් වැයකර තිබුණ ද එම ව්‍යාපෘතියෙන් අපේක්ෂිත ප්‍රතිලාභ ලබා ගැනීමට 2022 වර්ෂය අවසානය දක්වාම නොහැකි වී තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වෙයි.

මෙකී ව්‍යාපෘතිය නිම කළ යුතු දිනය ඉක්මවා වසර තුනක කාලයක් ද ගත වී තිබුණි. අරුවක්කාලු සනීපාරක්ෂක කසළ රැඳවුම් මධ්‍යස්ථානය ගංවතුර ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස්කර නොතිබූ බව ද විගණනය මගින් අනාවරණය කර ඇත.

මෙම තත්ත්වය නිසා 2021 වර්ෂයේ දී ඇතිවූ ගංවතුරෙන් යටවී අක්‍රිය තත්ත්වයට පත්ව තිබූ යන්ත්‍රෝපකරණ ඉකුත් වර්ෂය අවසන් වන විට ද යථා තත්ත්වයට පත්කර නොතිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment