මා සමාව ගත්තේ කතෝලික ජනතාවගෙන් හා දෙවියන් වහන්සේගෙන් මිස කතෝලික පල්ලියෙන් නොවෙයි

171

මෛත්‍රිපාල සිරිසේන හිරුට කියයි

රෙජිනෝල්ඩ් මැරුණා නෙවෙයි මැරුවා
ඒ නිසා හෙළිකොප්ටරයෙන් බැස්සා

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමා සමාව අයැද සිටියේ කතෝලික පල්ලියෙන් නොව කතෝලික ජනතාවගෙන් සහ දෙවියන් වහන්සේගෙන් බවත් කතෝලික සභාව සහ කතෝලික ජනතාව කියන්නේ දෙගොල්ලක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය.

රටේ තිබෙන කතෝලික, ක්‍රිස්තියානි, මූලධර්මවාදය වැනි ආගම් රැසක ලක්‍ෂ 10 ක ජනතාවක් තමන්ට නඩු දමා ඇති බවත් හිටපු ජනාධිපතිවරයා හිරු රූපවාහිනිය සමග පැවති සාකච්ඡාවකදී ඊයේ (1 දා) සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමා එදා කතෝලික ජනතාවගෙන් සමාව නොයිල්ලුවේ එම බෝම්බ ප්‍රහාරය එල්ල කළේ සහරාන් නිසා බවත්, එහෙත් මෙහෙම වන්දි ගෙවීමක් කිරීමට සිදුවෙතැයි ඒ වෙලාවේ තමා නොසිතූ බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

නාම යෝජනා ප්‍රශ්නයක් හේතුකොට ගෙන ඇතිවූ සිද්ධියකදී රෙජිනෝල්ඩ් කුරේ මහතාට කිහිප දෙනෙක් බැණ වැදී තිබූ බවත් එය ඔහුට දරාගත නොහැකිව සාකච්ඡාවෙන් පසු ඔහු ගෙදර ගිය බවත් එහිදී රෙජිනෝල්ඩ් කුරේ මහතා මියගිය බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

එම නිසා රෙජිනෝල්ඩ් කුරේ මහතා මැරුණා නොවෙයි මැරූ බවත් එම නිසාම හෙළිකොප්ටරයෙන් ඉවත්වී නිදහස් පක්‍ෂය විදිහට මැතිවරණයට මුහුණ දී තරග කිරීමට තීරණය කළ බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment