පොහොට්ටුවේ මහ සභාව නීති විරෝධියි – ජී. එල්. නඩු දමයි

70

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පසුගියදා පවත්වන ලද මහා සභාව නීති විරෝධී බවත් එහිදී ගත් සියලු තීන්දු තීරණ ශූන්‍ය කරන ලෙසත් ඉල්ලා නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එල්. පීරිස් මහතා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ පසුගිය 26 දා නඩුවක් ගොනුකර ඇත.

2023 අප්‍රේල් 22 වැනිදා පොදුජන පෙරමුණ විසින් මහා සභාව පැවැත්වූ අතර එයට සහභාගි වූ පොදු පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්, ජාතික සංවිධායක ඇතුළු පක්‍ෂයේ සියලු නිලධාරීන් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත.
ෘීඡ00206/23 දරණ නඩු අංකය මගින් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා විසින් මෙම නඩුව ගොනුකර ඇත.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment