ආගම්වලට අපහාස කිරීම බෝර්න් එගේන් කල්ලියේ වැඩක්

537

බළංගොඩ කස්සප හිමි

බුදුන්වහන්සේ ප්‍රමුඛ බෞද්ධාගමික සංස්කෘතියට අපහාස කිරීම පිටුපස බෝර්න් එගේන් කල්ලියේ පිරිස් සිටින බවත්, මෙරට සිටින ඔවුන් සියලුදෙනාටම නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් බළංගොඩ කස්සප හිමියෝ ඊයේ (28 දා) ප්‍රකාශ කළහ.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේට හා බෞද්ධ පාසල්වලට, බෞද්ධ සංස්කෘතියට ප්‍රහාර එල්ල කරන සංවිධානාත්මක කල්ලියේ නතාෂා එදිරිසූරිය නමැත්තිය අත්අඩංගුවට ගෙන ඇතත් ඇය මෙම සංවිධානාත්මක කල්ලියේ පහළ චරිතයක් බවත් මොවුන් සියලුදෙනා සම්බන්ධයෙන් හඬපට සමඟ තොරතුරු පොලිස් මූලස්ථානයට භාරදුන් බවත් උන්වහන්සේ කීහ.

නතාෂා නමැත්තිය අත්අඩංගුවට ගත්ත ද මෙහි මහ මොළකරුවන් වන මංජු නිශ්ශංක හා හසලක තුෂාර මෙන්ම තවත් අය අත්අඩංගුවට ගත යුතු බවත්, ඔවුන් නිදැල්ලේ සිටින බවත් උන්වහන්සේ කියා සිටියහ.

බුදුන්වහන්සේගේ සිදුහත් චරිතයට නිග්‍රහ කිරීම, බෞද්ධ පාසල්වලට නින්දා කිරීම වැනි ක්‍රියා වසර 20 ක පමණ සිට සංවිධානය වී සිදුකළ ක්‍රියාවන්වල ප්‍රතිඵල ලෙස දැන් කරළියට පැමිණ තිබෙන බව කී උන්වහන්සේ මෙම බලවේගවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම් රටේ තිබෙන පාසල් 10,000 සිටින භික්‍ෂූන් වහන්සේ සමඟ හඬක් නැඟීමට මූලිකත්වය සපයන බව ද උන්වහන්සේ කීහ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment