දැයේ දූ දරුවන්ගේ මහ මඟ ආරක්ෂාව උදෙසා අලියාන්ස් ලංකා විසින් ළමා යතුරුපැදි ආරක්‍ෂිත හිස්වැසුම් ප්‍රධානය කෙරේ

13

ජාතියේ අනාගතය වන ශ්‍රීලාංකේය දැරියන් හට ජීවිත අභියෝගයන් සහ විවිධාකාර විපත්වලින් ආරක්ෂිතව, සුරක්ෂිත පරිසරයක, හැදී වැඩීමට අවකාශය තිබිය යුතු බව අලියාන්ස් ලංකා හි විශ්වාසයයි. එමගින් ඔවුන් හට සෑම අවස්ථාවකම ගවේෂණශිලී වීමට මෙන්ම ඔවුන්ගේ සිහින හඹා යාමට හැකියාව ලැබෙනු ඇත. අලියාන්ස් ශ්‍රීලංකා හි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන එක් අංශයක් වන්නේ අපගේ දරු දැරියන් සඳහා තිරසාර අනාගතයක් සහතික කිරීම උදෙසා අවැසි සහයෝගය ලබා දීමයි. මෙම කර්තව්‍යයේදී අපගේ අවධානය යොමු වූ කරුණක් වූවේ කොළඹ සහ අනෙකුත් ප්‍රදේශයන්හි දරු දැරියන් ගණනාවක් ආරක්‍ෂිත හිස්වැසුම් පැළඳීමකින් තොරව මෙන්ම වෙනත් ප්‍රමාණවත් ආරක්‍ෂිත උපක්‍රමවලින් තොරව යතුරුපැදිවල පසුපැදිකරුවන් ලෙස ගමන් කිරීම වර්ධනය වන බවය. මේ පිළිබඳව සිදු කරනු ලැබූ අධ්‍යයනයන් සහ සමීක්ෂණයන් තුළින් හෙළිදරව් වූවේ ග්‍රාමීය ප්‍රදේශයන්හිද මෙම තත්ත්වය වැඩි අගයක් ගන්නා බවය. ආරක්‍ෂිත හිස්වැසුම් පැළඳීමකින් තොරවයතුරු පැදියක ගමන් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර මෙන්ම අනතුරකදී මාරාන්තික තුවාල ලැබීමටද හේතු වේ.

ශ්‍රීලංකාවේ මගා මාර්ගයන්හි, දරු දැරියන් අවදානමට ලක් විය හැකි කණ්ඩායමක් වන බව වටහා ගත් අලියාන්ස් ලංකා විසින්, මහා මර්ගයන් හි දරු දැරියන්ගේ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම උදෙසා වන වැඩසටහනක් දියත් කිරීමට කටයුතු කරන ලදියි. ශ්‍රිලංකාවේ විවිධ ප්‍රදේශයන්හි දරු දැරියන් සඳහා ආරක්‍ෂිත හිස් වැසුම් 1,200 පරිත්‍යාග කිරීම තුළින් අලියාන්ස් ලංකා මෙම අරමුණ සාක්ෂාත් කිරීමට කටයුතු කරන අතර ඒ අනුව දිවයින පුරා ස්ථාන 24 කදී 2022 නොවැම්බර් මස 23, 25 සහ 28 යන දිනයන්හි දරු දැරියන් සඳහා ආරක්‍ෂිත හිස්වැසුම් පරිත්‍යාග කිරීම සිදු විය. මෙම ප්‍රයත්නය තුළින් අලියාන්ස් ලංකා හි සමාජමය ක්‍රියාවලීන් වෙත දායකත්වය ලබා දීම සිදුවන අතරම එමගින් සමාජ අන්තහ්කරණය සහ සමාජ අභිවෘද්ධිය ළඟා කර ගැනීමට බලාපොරොත්තු වේ.

මේ පිළිබඳව දැනුවත් කිරීම හා ප්‍රධාන වැඩසටහන දියත් කිරීම අලියාන්ස් ලංකා කළුතර ශාඛාවේදී සිදු කෙරිණි. එහිදී කුඩා උත්සවයක් සහ දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පැවැත්වීමෙන් අනතුරුව 1 ශේණියේ සිට 5 ශේණිය දක්වා තෝරා ගත් පාසැල් සිසු සිසුවියන් 50 ක් වෙත අලියාන්ස් ලංකා සහ ශ්‍රීලංකා පොලීසිය එක්ව ආරක්‍ෂිත හිස්වැසුම් ප්‍රදානය කිරීම සිදු විය.

ඉදිරියේදී එයට සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය හා එක්ව මාර්ග නීති රීති සහ ආරක්ෂක හිස්වැසුම් භාවිතය පිළිබඳ දරු දැරියන් දැනුවත් කිරීමේ වැඩසටහන්ද පැවැත්වීමට නියමිතය. මෙම වැඩසටහන සඳහා අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිම්ටඩ් හි ප්‍රධාන විධායක නිලධාරි හා දේශීය කළමනාකරු වන ඇලන් ස්මී මහතා, ප්‍රධාන අලෙවි නිලධාරී මංගල බණ්ඩාර මහතා සහ අලියාන්ස් ලංකා හි කළමනාකරණ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් සිදු විය.

advertistmentadvertistment
advertistmentadvertistment