Ex-pack පැසසුමට ලක්වෙයි

59

ඇසුරුම් පෙට්ටි නිෂ්පාදනයේ නියුතු මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Ex-pack Corrugated Cartons PLC සමාගම, පසුගියදා පැවැති Great Place to Work Sri Lanka වාර්ෂික සම්මාන උළෙලේදී කුඩා පරිමාණ සේවා ස්ථාන කාණ්ඩයේ පස්වැනි ස්ථානය දිනාගැනීමට සමත් විය. කාබන් ශුන්‍යතා සහතිකය ලත් සහ තිරසරභාවය පිළිබඳ ඉහළ අවධානයක් ලබාදෙන සමාගමක් ලෙස Ex-pack සමාගම, තිරසර සේවක අත්දැකීම් ජනිත කිරීම උදෙසා ගෝලීය භාවිතාවන් භාවිතයට ගැනීම අගයමින් මෙම ශ්‍රේණිගත කිරීම හිමිකර ගත්තේය.
Ex-pack සමාගම මෙම ඇගයීම දිනාගත් පස්වැනි අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි. සමාගම අයත්වන කර්මාන්ත ක්‍ෂේත්‍රය හා සැසඳීමේදී සේවක සුබසාධනය සහ සෞඛ්‍ය සම්පන්න සේවා ස්ථානයක් සහතික කිරීම වෙනුවෙන් සමාගම දක්වන අඛණ්ඩ කැපවීම මෙවන් බුහුමනක් හිමිවීමට තීරණාත්මක විය. වරක් සමස්ත ආසියාවේම සුළු හා මධ්‍ය පරිමාණ කාණ්ඩයේ හොඳම සේවා ස්ථානය ලෙස ද Ex-pack සමාගම නම් කෙරිණි. Ex-pack සභාපති ලෙස සන්තර් කාසිම් මහතා කටයුතු කරයි.

Aberdeen Holdings පුද්ගලික සමාගමේ අනුබද්ධිත සමාගමක් වන Ex-pack Corrugated Cartons PLC සමාගම, දේශීය මෙන්ම විදේශීය ඇසුරුම් පෙට්ටි නිෂ්පාදන අවශ්‍යතා ද සපුරාලයි. ISO 9001-2015, ISO 14001-2015, FSC COC, WRAP වැනි සහතික හිමිකරගෙන සිටින සමාගම, NCE අපනයන සම්මාන, CNCI සම්මාන, Lanka Star සම්මාන, NBE සම්මාන, Lanka CSR සම්මාන සහ හරිත සම්මාන ආදියෙන් ද පිදුම් ලබා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment