සිංගර්, සිය පාරිභෝගික ජනතාව වෙත රු. මිලියනයකට අධික ත්‍යාග පිරිනමයි

27

ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ අලෙවිකරණයේ ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සමාගම, දියත් කළ SINGER RED ‘හදවතේ තෑගි’ Loyalty දිනුම් ඇදීම පසුගිය දා නිමාවට පත් වූ අතර, එහි දී පාරිභෝගික ජනතාවට වටිනා ත්‍යාග පිරිනැමිණි.

2023 ජූලි 21 සිට අගෝස්තු 31 දක්වා ක්‍රියාත්මක වූ මෙම දිනුම් ඇදීම දිවයින පුරා සිටින සියලුම සිංගර් Loyalty පාරිභෝගිකයින් සඳහා විවෘත වූ අතර, ඔවුන්ට අයත් RED Loyalty Points දිවයින පුරා ඕනෑම සිංගර් ප්‍රදර්ශනාගාරයකින් Redeem කිරීම මගින් ස්වයංක්‍රීයව දිනුම් ඇදීමට ඇතුළත් වීමේ අවස්ථාව හිමි විය. සෑම Loyalty Redeem කිරීමක් සඳහාම පාරිභෝගිකයින්ට ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාව ලබා දුන් SINGER RED ‘හදවතේ තෑගි’ ලෝයල්ටි දිනුම් ඇදීමේ දී Deluxe සහ Premier පාරිභෝගිකයින්ට එක් Redeem කිරීමක් සඳහා එක් ජයග්‍රාහී අවස්ථාවක් හා VIP පාරිභෝගිකයින්ට එක් මුදා ගැනීමක් සඳහා ජයග්‍රාහී අවස්ථා දෙකක් හිමි විය.

මෙවර දිනුම් ඇදීමේ ප්‍රථම ජයග්‍රාහකයා ලෙස තෝරා පත් වූයේ පේරාදෙණියේ මිල්ටන් රාජරත්න මහතා වන අතර, ඔහු විසින් රුපියල් මිලියනයක් වටිනා සිංගර් ගෘහ භාණ්ඩ හා උපකරණ දිනා ගන්නා ලදී. එම ත්‍යාග අතරට රූපවාහිනියක්, ශීතකරණයක්, ගෘහ භාණ්ඩ, ටැබ් එකක්, ආරක්ෂක කැමරාවක් සහ ස්පීකරයක් ඇතුළත් විය. ඊට අමතරව, දිවයින පුරා විසිරී සිටින ජයග්‍රාහකයින් 10 දෙනෙකුට සැනසිලි ත්‍යාග හිමි විය.

මෙම සුවිශේෂී දිනුම් ඇදීම පිළිබඳව සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්‍ෂ ශනිල් පෙරේරා මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, ,SINGER RED ‘හදවතේ තෑගි’ Loyalty දිනුම් ඇදීම මගින් අපගේ පාරිභෝගික ජනතාව වෙත වටිනා ත්‍යාග ලබා දීමට හැකි වීම පිළිබඳව අපි සතුටු වෙනවා. අපි අපගේ පාරිභෝගිකයින්ගේ දියුණුව වෙනුවෙන් නිරන්තරයෙන් කැප වන සමාගමක්. මෙම සුවිශේෂී දිනුම් ඇදීම මගින් වටිනා ත්‍යාග ලබා දීම හරහා අපගේ පාරිභෝගිකයින් ඇගයීමට අපට හැකි වූ බව මම විශ්වාස කරනවා.” යනුවෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment