බයවෙන්න දෙයක් නෑ සියල්ල සූදානම්

138

ගංවතුර පැතිවල ශිෂ්‍යත්ව දරුවන්ට දුරකථන අංකයක් 041-2234134

අද (15 වැනිදා) පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට නියමිත මාතර, අකුරැස්ස හා දකුණු පළාතේ තදාසන්න ප්‍රදේශවල ගංවතුරින් පීඩාවට පත් දරුවන්හට විභාග මධ්‍යස්ථාන වෙත යෑමේ ගැටලුකාරී තත්ත්වයක් ඇත්නම් ඒ ගැන මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 041-2234134 ට හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දෙන්නැයි එහි ප්‍රකාශිකාවක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසුවාය.

එමෙන්ම, ගංවතුර තත්ත්වය පවතින අකුරැස්ස හා තදාසන්න ප්‍රදේශවල පහේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට නියමිත සිසු දරුවන් 1591 දෙනකු විභාග මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම්වරු පැවසූහ.

එබැවින් කිසිදු බියක් ඇති කර නොගෙන අද දිනයේ විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙස ද ඔවුහු සියලු දරුවන්ගෙන් ඉල්ලා සිටිති.

අද දින අකුරැස්ස කොට්ඨාශයේ දරුවන් 934 දෙනකු ද, අතුරලිය කොට්ඨාශයේ දරුවන් 570 දෙනකු ද, මාලිම්බඩ කොට්ඨාශයේ දරුවන් 87 දෙනකු ද පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතය. ගංවතුර පවතින ස්ථානවල යුද හමුදාව, නාවික හමුදාව බෝට්ටු හා ට්‍රක් රථ ස්ථානගත කර තිබේ. එසේම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අකුරැස්ස, මාලිම්බඩ, බංගම යන පොලිස් ස්ථානවල නිලධාරීහු සූදානමින් සිටිති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, චමින්ද සිල්වා, සමන් උපුල් පිනිදිය – අකුරැස්ස, ඉඳුනිල් තාරුකා පිනිදිය හා පී. එල්. ජයවර්ධන – කඹුරුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment