ශාෆ්ටර් ඝාතනයේ සාක්‍ෂි කැඳවීම විනිසුරු නිල මැදිරියේදී

90

පසුගියදා අභිරහස් ලෙස ඝාතනය වූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් මූලික මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය ඊයේ (4 දා) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මියගේ නිල මැදිරියේදී පැවැත්විණි.

මෙම මරණ පරීක්‍ෂණය ඊයේ ප්‍රථමයෙන්ම විවෘත අධිකරණය හමුවේ කැඳවූ අතර මරණකරුගේ බිරිඳ ඇතුළු ඥාතීන් විසින් කරන ලද ඉල්ලීමක් අනුව ඒ සම්බන්ධයෙන් සාක්‍ෂි සටහන් කරගැනීම තම නිල මැදිරියේදී සිදුකිරීමට තීරණය කළ බව අතිරේක මහෙස්ත්‍රාත්වරිය දැනුම්දී සාක්‍ෂි සටහන් කර ගැනීම නිල මැදිරියේදී සිදු කිරීම නිසා එම කටයුතු සිය මාධ්‍ය ආයතන වෙනුවෙන් වාර්තා කිරීමේ අවස්ථාව මාධ්‍යවේදීන්ට අහිමි විය.

එහිදී දිනේෂ් ශාෆ්ටර් මහතාගේ බිරිඳගේ සහ මරණකරු යටතේ සේවය කළ විධායක නිලධාරියකුගේ සාක්‍ෂි සටහන් කර ගැනීම සිදුකර වැඩිදුර සාක්‍ෂි සටහන් කරගැනීම ලබන 10 දක්වා කල්තබා තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment