නව පත්කිරීම් 5ක් සඳහා උසස් නිලතල කාරක සභාවෙන් අනුමතිය

223

මහ කොමසාරිස්වරයෙකු ඇතුළු නව පත්කිරීම් 5ක් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වූ බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම් චමින්ද කුලරත්න මහතා පැවසීය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් ලෙස පී.ආර්.එස්.ගුණවර්ධන මහතාගේ පත්වීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

එසේම රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යංශයේ ලේකම් ලෙස ආචාර්ය එම්.එම්.එස්.එස්.බී. යාලේගම මහතාගේ පත්වීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී ඇත.

එයට අමතරව ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස එස්.සී.ජේ. දේවේන්ද්‍ර මහතාගේ පත්වීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

තවද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස මහාචාර්ය එම්.ඒ.ආර්.එම්. ප්‍රනාන්දු මහතාගේ පත්වීමටද රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සභාපතිවරයා ලෙස ජේ.එම්. සූසෙයිදාසන් මහතාගේ පත්වීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී ඇත.

උසස් නිලතල පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 10දා පාර්ලිමේන්තුවේදී රැස් වූ අතර එහිදී අදාල පත්වීම් සිදු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment