සජිත්ගෙන් ජනපතිට කොළ එළියක්

669

රට වෙනුවෙන් ගන්නා නිවැරදි පොදු තීරණවලදී කොන්දේසි විරහිතව රජයට සහාය ලබාදෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.ඔහු මේ බව පැවසුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) කොළඹ පැවති වැඩමුළුවක් අමතමිනි.පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ සභාවලට තෝරා ගැණුනු තරුණ නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹදී පැවැත්වුණි.මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වී තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment